Wednesday, January 27, 2016

හතරවෙනි තට්ටුව


"චංචල අදහස් වලට බෑ
කොටු පවුර බිදින්න........"


මොකක්........ ඔව්....පෙරදින රාත්‍රියේ මම "හතරවෙනි තට්ටුව" කියෙව්වෙමි.... දහ අට වැනි සියවසේ අගබාගයෙදි දකුනු අප්‍රිකාවේ වර්ණවාදී ආකල්ප වලට එරෙහිව ආරම්බ උන විප්ලවයේ මුලික අඩිතාලම ගැන කියවෙන පොතකි....
එයින් මාගේ සිතුවිලි විසිර ගොසිනි.... හිතේ තෙරපෙන අදහස් විවිදාකාරය....එහි වු අකුරක් අකුරක් පසා මගේ මනසේ හොල්මන් කරයි....
මටත් වුවමනාය විප්ලවයක් කරන්න...... එහෙත් කුමක් නම් කරන්නද?.... මා තවමත් විසිවියෙහි වුන් දේශපාලනය යන්තම් දිවගාවත් රස බලා නැත්තෙකි....... එහෙත් මම එකක් දනිමි අපි විදිනා මේ නිදහස..... ආශ්චර්‍යමත් ජීවන රටාව කෙලින්ම කාගෙන් හෝ ත්‍යාග බන්දේසියක තබා අපට නොලැබුන බවයි.... බොහෝ මිනිසුන්ගේ ලේ කදුලු දහඩිය මත අපි.... ඔවුන්.... විරාජමානව සිටියි... අතීතයේ රුදිරයෙන් තම අනාගතය අඳුරු කරගත්තෝ ගැන අප නොදනිනි............... එහෙත්... දිවි බේරාගත්තො අදුරු අතීතයේ..යෝද පර්වත වැනි මිනිසුන් ගැන කොදුරන විට සිහින් සිතලක් ශරීරය පුරා දිවගොස්..රොම කුප අවදි කරන්නේ මන්ද.... ඔව් සමහර විට තාරුණ්‍යයේ නියම ශක්තිය එය වන්නට පුලුවන් එහෙත්...එය තවම නිදොරොපගතද...?
ඔව් බොහෝ ඈයෝ තමන්ගේ හෘද සාක්ශියට අනුව කටයුතු කරයි.... වැරදිමක් වුනොත් දුක් වෙයි.... ඔබ විශ්වාස කරනවාද..... පාවාදුන්නෝද හිතට එකගව එය කර ඇති බව...සෑම දෙයකටම පැති කීපයක් ඇත... සමහරු බොහො පැති ගැන සිතයි ... සමහරු තනි මතයට කාරණා ඉටුකරයි.... තීරණයක් නොගැනිමේද තිරණයක් ඇති බව මම දැන් දනිමි.
ඔබ සිතනවාද පාවා දුන්නෝ කිසි දිනක පසු තැවිලි වෙනවා කියා...එසේ නොවෙයි... සමහරු මුදලට පාවාදෙයි..සමහරු ජීවිත අසාවට පාවාදෙයි.. පලිගැනිමට පාවාදෙයි..ආදරය වෙනුවන් පාවාදෙයි.. වේදනාවට බියෙන් පාවාදෙයි..නමුත් සමහර ශෛලමය ආරක්කු බඳු චරිත විකල්පයක් නොමැති වීමෙන් පාවාදෙයිද.... මිය යාමට පාවා නොහැකි වු තැන කරණා පාවා දීම ගැන ඔබ සිතා ඇත්ද....මානව අයිතිවාසිකමේ උග්‍රතම අග්‍රඵලය වූ මරණය පවා තමන්ට අහිමි වු ඒ සහෝදරයන්ට සියල්ලොම ක්ශමා කරත්වා.......
කියවන්න.....ඒ කතාව.... සත්තයි ඔබ පුදුම වෙයි......
" චංචල අදහස් වලට බෑ
කොටු පවුර බිදින්න
මන් කිසිදිනක
විස්වාස කලේ නෑ
අයතන බිදින්න ....
හැකි නියාව
පෑනෙන් විතරක්....."

3 comments:

  1. බොහොම ආසාවෙන් කියවපු තාමත් ළඟ ඇති පොතක්. තැනින් තැනට යද්දී මාත් එක්කම යන පොතක්. කොයි පොත් පෙට්ටියේද කියල මතක නැති නිසා ඉංග්‍රීසි පොතේ නම සොයන්න ගිහින් මේ පැත්තට එවුනේ. සුගතපාල සිල්වා කියන්නේ පුදුමාකාර පරිවර්තකයෙක්.

    ReplyDelete
    Replies

    1. ඇත්තෙන්ම... මට තාම හිතාගන්න බෑ එතුමාගේ ඇට මැස්සා පොතටද හතර්වෙනි තට්ටුව පොතට ද මං වඩා කැමතියි කියලා... හතරවෙනි තට්ටුව කියන්නේ මගේ හදවත කම්පා කරපු පොතක්.... මං හිතන්නේ ඔබටත් එය එසේම වන්නට ඇති...

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...