Wednesday, January 27, 2016

ආයෙත් සැරයක්.......

ආයෙත් සැරයක්.......
.
computer එකේ එල්ලිලා TV series එකක් බලබලා ඉද්දි current එක ගිය හින්දා ඔලුව උස්සලා වටපිට බලද්දී හුඟ කාලෙකින් අතට ගත්තේ නැති පෑනයි කටු කොල වගේකුයි මෙසේ උඩ ඉදන් ලාවට හිනා වෙනවා යාන්තමට දැක්කා...ඇත්තටම නෙට් එකෙයි.. 4ne එකයි නැතුවට මහ සන්තොසයෙන් ගෙවිලා ගිය කාලයක් ඉස්සර තිබුනා කියලා හිතට එද්දි අමුතු සාන්කාවක් ආපු හින්දම අකුරු ටිකක් අමුණන්න හිතුනා...ඇත්තටම අලුත් අවුරුද්දකුත් ආපු එකේමම හිතුවේ මගේ ආසාවල් ගැන මිසක් වෙන මොනවද..කවදාවත් කරගන්න බැරි වුන දෙවල් නෙමෙයි...කරලා සුවඳ තැවරුණු මතකයන් ආයෙත් අලුත් කරගන්න ඇත්නම්...අනන්තය උසට බලාපොරොත්තු බුරුතු පිටින් තිබුණු වර්තමානයට සුවඳ ගෙනෙන්නේ හැමදාමත් අතීතය විතරයි.. ඉතින් ඒ සුවඳ අලුත් කරගන්න ආයෙත් සැරයක් මේ දේවල් කරගන්න පුලුවන්නම් ජිවිතය කියන්නේ ඒක වෙන්න ඇති....
ආයෙත් සැරයක් මම ආසයි තනියම ගමේ පන්සලේ චෛත්‍යය ගාව වාඩි වෙලා පැයක් දෙකක් කල්පනා කර කර ඉන්න....බුදු කුටියේ සීතල ටයිල් පොලවේ සනිපෙට වැතිරිලා ඉන්න... පන්සලේ ලිදට පැනලා නාන්න... ලොකු හාමුදුරුවෝන්ගෙන් ටොකු කාලා ආවාස ගෙයි තියෙන කැවිලි වර්ග කන්න...පුස් සයිකලේ නැගලා දන්සැල් වදින්න යන්න..ගමේ ගිහින් පීල්ලෙන් නාන්න... චුටි චුටි දිය පරවල් වල ගහගෙන යන්න...කෙලින් ඉන්න පන නැති වෙනකන් කමතේ පිදුරු ගොඩේ නටන්න....පිනුම් ගහන්න...ආයෙත් සැරයක් වෙලේ මඩේ එරි එරි... එල්ලේ ගහන්න... පැයක් දෙකක් නැතිවෙච්ච බොලේ හොයන්න... වෙලේ සරුංගල් යවන්න..සන් නුලෙන් තන්ගුස් නුලට වෙට්ටුවක් දාලා එහා ගමේ උන්ගේ සරුංගල් කඩන් එවා පස්සෙන් වැටි වැටි දුවන්න...හන්දියේ පෙට්ටි කඩෙන් උනු උනු උඳු වඩේ ගොඩාක් අරගෙන රේල් පාරේ ඉදගෙන ඒවා කන්න... රුපියල දෙක කොච්චියට තියෙලා ඒවා තැලෙන් හැටි බලන්න...රේල් පිල්ලේ වැනි වැනි නොවැටි කඩල ඇට උඩ දදා කකා යන්න....කොච්චිය බිං ගෙයෙන් එනකන් හුසම අල්ලන් ඉන්න....ඉර බහින වෙලාවට වෙලේ ඇනිකට් එකෙ වාඩි වෙලා රතු පාට අහස දිහා බලන් ඉන්න...බිලි කොක්කක් දාලා මොඩ මාලුවෙක් ඒක කනකන් බලාන් ඉන්න..... ආයෙත් සැරයක් ඇල ගාව කොට්ටම්බා ගහේ හදපු මැස්සේ වාඩි වෙලා කකුල් දෙක පද්ද පද්ද ඉන්න...හොරෙන් රඹුටන් වත්ත්ට පැනලා පැනි බේරෙන රඹුටන් වලු පිටින් කඩන් කන්න...පැහිලාවත් නැති අඹ ගැට වලට පොලු ගහලා ගල් ගහලා අහල පහල ගෙවල් වලින් කුණුහරප බැනුම් අහන්න්...පත්තර කඩදාසිය ලුණු කැට අහුරක් අරන් ඇවිත් ජම්බොල...ජම්බු..අඹ... කෑබරන්කා ..දත් හිරිවට්ටගෙන කන්න...ඇල වෙච්චි පොල් ගහේ බාගයක් නැගලා කරණම් ගහගෙන ඇලට පනින්න...ඇස් රතු වෙනකන් නාන්න...රතිඤ්ඤා වලින් වෙඩි බෙහෙත් අරගෙන වෙඩිල්ලක් හදලා....දාලා...මාලු අල්ලන්න... ඒවා ගිනි මැලයක් ගහලා පුච්චන් කන්න.....ලන්සීට් වලින් පැර්ශුට් හදලා රැට පත්තුකරලා අහසට අරින්න......ආයෙත් සැරයක් දුරියන් කාලෙට දුරියන් පැලේ නයිටක් ගහන්න....ගෙඩියක් වැටෙන්කොට කොල්ලොත් එක්ක පොරකාගෙන ඒක හොයන්න....රුපියල් පහ දහය එකතු කරලා බිඩි මිටියක් ගෙනත් කැහැ කැහැ බිඩි බොන්න...කණාමැදිරියො අල්ලන් ජැම් බොතල් වල දලා රැට බලන්න...ආයෙත් සැරයක් පරෙයියෝ ඇතිකරන්න .... උන් උඩ කොඩේ ගහන්න... මදු ගහලා ගිරව් අල්ලන්න....අහල පහල කඳු උඩ ගල් තලා උඩ නැගලා ගම දිහා බලාන ඉන්න.... ආයෙත් සැරයක් රැට ගිනි මැලයක් ගහගෙන කොල්ලොත් එක්ක හොල්මන් කතාකිය කිය ඉන්න...හැලි අරක්කු ටිකක් බීලා ගෙදර යන්න බැරුව කෝහේ හරි ගලක් උඩ නැඟගෙන කොල්ලොත් එක්ක ඩොල්කියක් ගහ ගහ වෙරි හිදෙනකන් සින්දු කියන්න....ඔව් ඇත්තටම ආසයි...මල ගෙදරක නයිටක් ගහන්න....එලි වෙනකන් ඔමි ගහන්න..නිදන් ඉන්න එව්න්ගේ මුනේ සිග්නල් ගාන්න... රා ටිකක් බීලා කයිවාරු ගහන්න......අම්මගෙන් ටොක්කක් කන්න....තාත්තගෙන් බැනුමක් අහන්න...අයෙත් සැරයක් ආසයි......
ඒත් ඔර්ලොසුවත් එක්ක පට්ටම ෆයිට් එකක් කරන අපි දැන් හම්බෙන පුන්චි නිමාඩුවත් 4ne එකටයි computer එකටයි හිර වෙලා...එදා පිස්සු කෙලපු යාලුවෝ බේතකටවත් හොයන්න නෑ...දුකයි....ඉතින් ඔය සොදුරු මතකයන් ආයෙත් සැරයක් විදගන්න...මේ අවුරුද්දේ ලැබේවා කියලා මන් මටම පතා ගන්නව.... ඇත්තටම ජිවිතය කියන්නේ ඒ සුවදට...
.......................................හපොයි current එක අවා.. අයේ ඉතුරු ටික බලන්න එපැයි.....

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...