Saturday, February 20, 2016

කාලය පිළිබඳව සිනමා ඇස...


කාලය වූ කලී උත්තරීතර දෙයකි..එය පිළිබඳව විද්‍යාත්ම අර්ථදැක්වීම් හා මතවාද බොහෝමයක් ඇත..එය පිළිබඳව වෙනම ලිපියකින් පල කිරිමට බලාපොරොත්තු වෙමි..නමුත් ලාංකික සමාජයට කාලය සම්බන්ධ විද්‍යාත්මක මති මතාන්තර ලඟා කරලවු මාධ්‍යක් ලෙස සිනමාව විශේෂ තැනැක් ගනියි...මන්ද යත් විද්‍යාත්මක ඇසකින් කාලය පිළිබඳව බැලිමට ආසවක් ඇති කිරිමට ලෝක සිනමාව මහත් කර්තව්‍යයක් ඉටුකර ඇති හෙයිනි..
                                 විද්‍යා ප්‍රබන්ධ වලට කැමති වෙනමම පිරිසක් ඇති සමාජයක ඔවුනට අනෙක් අයට සාපේක්ෂව විද්‍යාත්මක සංකල්පයන් ගැන වැඩි වශයෙන් අවබෝධයක් ඇත.නමුත් පොත් කියවන හා නොකියවන කා හට වුවත් කාල තරණය වැනි මාතෘකා අමුතු දෑ නොවනුයේ සිනමාව හේතුකොටගෙනයි...

කාලය රන් වලටත් වඩා වටී.......In Time (2011) 


Science fiction Action Thriller Film
Written, Directed, and produced by Andrew Niccol 
IMDb Rating:6.7/10
කාලය ගැන කතාකිරිමේදි එහි ඇති වටිනාකම මොනවට පැහැදිලි කරන සාර්ථක සිනමා නිර්මාණයක් ලෙස In Time හැඳින්විය හැක.
අනාගත වර්ෂ 2169 වන විට මිනිසුන් ලෙඩ රොග වලින් තොර සමාජයක ජිවත් වන අතර වයස අවු 25 ක් සපිරිමත් සමඟම අවු 1 ක කාලයකින් යුතු අතෙහි සමෙහි සටහන් ඩිජිටල් ටයිමරක තමන්ට් ජිවත් වන්නට ඇති තත්පර ගණන ආරම්භ වන අතර මිල මුදල් ලෙස තත්පර ඉපයීමට සිදු වේ.. කෑමට බීමට එම තත්පර ගණන හුවමාරු කරන ලෝකයක..තත්පරයක් අහිමු වු කල මිය යෑමට ඉඩ හරින සමාජයක....කාලය උදෙසා සටන් වදින තරුණයකු ගැන කියවන ත්‍රාසජනක සිනමා නිර්මානයකි.. සිනමාවෙන් ලෝකයට කාලයෙහි වටිනාකමක් එක්කරන මෙම විද්‍යා ප්‍රබන්ධය අනගි සලරුවක් ලෙස හැඳින්විය හැක...

කාලතරණය 


කාලය පිලිබඳ ලෝක සිනමාවට අමුතු ආකර්ශනීයක් ඇතිවුයේ කාලතරණය නම් මාතෘකාව මුල් කොටගෙනය...කාලතරණය පිළිබඳව මුලින්ම සදහන් වන්නේ  Samuel Madden විසින් 1733 දී රචිත Memories of the Twentieth Century නම් නවකතාවෙනි. එසේම H.G.Wells විසින් රචිත The Chronic Argonatuts (1888) කෙටි කතාව හා  Mark Twain විසින් රචිත  A Connecticut Yankee in king Arthur's Court නම් 1889 දී පල වු හාස්‍යජනක නවකතාවද වැදගත් කොට සැලකිය නමුදු  අතර H.G.Wells විසින්ම රචිත  The Time Machine (1895) නම් විද්‍යා ප්‍රබන්ධ නවකතාව මහත් ආන්දෝලනයකට තුඩු දුන හෙයින් සියලුම කාලතරණ නිර්මාණයන්හි වැදගත් පලමු පියවර එය බව කිව හැක.





කෙසේ නමුත් සිනමවට නැගුණු ප්‍රථම කාලතරණ නිර්මාණය වුයේ Mark Twain විසින් රචිත  A Connecticut Yankee in king Arthur's Court අලලා Emmett j. Flynn විසින් නිර්මාණය කෙරුණු සිත්තමයි.. එලසම පලමු ඔස්කාර් සම්මානයක් දිනාගත්තේද H.G.Wells විසින් රචිත  The Time Machine අලලා ගෙතුනු  The Time Machine (1960)  ෆිලුමටය. ඒ හොඳම දෘෂ්‍ය ප්‍රයෝගයන්ටය.

එදා සිට අද දක්වා කාලතරණය හා සම්බන්ධව තැනුණු චිත්‍රපට ප්‍රධාන වශයෙන් කොටස් 5කට බෙදිය හැක.

(1) කාල යන්ත්‍රයක් මගින් අතීතයට හෝ අනාගතයට යන තේමාව..
(2) මානසික හෝ අද්භූත බලයන් හෝ සිද්දි හේතු කොටගෙන කාලතරණය යන තේමාව..
(3) විද්‍යාත්මක හෝ අද්භූත ආකරයෙන් අතීතයේ හෝ අනාගතයේ තොරතුරු දැනගැනිම යන තේමාව මත...
(4) කාල ද්වාරයක් (පණු කුහරයක්,worm hole) මගින් වෙනත් කාලයකට ඇතුල්වීම තේමාව මත.
(5) කාල ප්‍රතිවර්ථනයන් (Time reassignment) නිර්මාණය හෝ එයට භාජනය වීම තේමා කොට ගෙනය .

කාලතරණය පිලිබඳ ලාංකික ටෙලි සිනමාවේ නොමැකෙන මතකය 

ආකාල සන්ධ්‍යා නොහොත් කාලත්‍රයේ තීර්ථ යාත්‍රීකයා


කාලය හා කාල තරණය හා බැඳුණු ලාංකික ටෙලි සිනමාව තුල නිර්මාණය වුණ අනගිතම ටෙලි සිත්තමකි.ජයන්ත චන්ද්‍රසිරි මහතාගේ තිර පිටපතකට නිර්මාණය වු මෙය ජාතික රූපවාහිනියේ විකාශය වූවකි.
                     ප්‍රධාන චරිතය වන නාගසිංහ (ජැක්සන් ඇන්තනි )පෙර රජ දවස තරුණ වයසේදීම අංගං පොර සටන් කලාවේ කෙළ පැමිනියකු වන අතර තව තවත් මානසික බලය වර්ධනය කරගැනිමට භාවනා කිරිමේදී කූණ්ඩලීනි යෝගයේ අග්‍රපලය වන කාල යාත්‍රීක බලය අත්පත් කරගෙන අතීතයට හා අනාගතයට ගමන් කරයි...තමන්ගේ සතුරකුගේ අතින් මරණයට පත්වීම සිය ඇසින්ම දැකීමෙන් බල තන්හාවෙන් මිදෙන ඔහු මෝක්ශය සොයා මතු බුදුවන බුදුන් සොයා අනාගතයට යන මග කෙලවර වන්නේ 20 වැනි සියවසේ ලෞකික සැප සම්පත් වල ගිලි යාමෙනුයි...නමුත් අවසානයේ උපේක්ශාවෙන් තම ඉරණම වැලදගන්නා ඔහු තුලින් ලාංකික ටෙලි සිනමාවේ අනගිභවනීයම කාලතරණය පිළිබඳව සංකල්පය පෙන්නුම් කරයි....

එදා මෙදා තුර හොඳම කාලතරණ සිනමා නිර්මාණ 25 ක්.

( විද්‍යාත්මක සංකල්පයන් හා රසස්වාදයේ ත්‍රීව බව මෙන්ම වෙනස් ආරක චිත්‍රපට වීම කොටගෙන  තෝරාගෙන කාලය යන සංකල්පය  මුලික කොට ගෙන ශ්‍රේණිගත කරන ලදි.)



25. Sound of Thunder (2005)


Science-fiction Thriller Film
IMDb Rating:4.2/10

කාලතරණයේ  ගැටලු කියාපාන අසාර්ථක සිනමා නිර්මාණයකි.සංකල්පය ඉතා වැදගත් කොට සැලකිය හැක වුවත්  ද්ශය ප්‍රයෝග හා පසුබිම් නිර්මාණය ඉතාමත් පහල මට්ටමේ ඇත.නමුත්  මීට පසුබිම් වී ඇති නවකතාව ඉතාමත් රසවත් බව කිය යුතුමය.



24. Prince Of Persia. The Sand of Time (2010)


American Action Fantasy film
IMDb Rating:6.6/10
තමන් යටත් කරගන්නා පෞරාණික නගර්යේ ඇති වටිනාම වස්තුව කාලය ආපසු හැර්විය හැකි කිණිස්සක් බව ඩස්ටන් කුමරු අවබෝධ කර ගන්නා විට ඔහු රාජද්‍රෝහිත්වයට කැපවී අවසානය.... දෙවියන් විසින් සැඟවු කාලයේ වැලි කුණාටුව විවිර කිරිමේන් ලෝකය ආරක්ශා කිරිමට බිහිසුණු සටන් මද්‍යයේ උත්සහකරන ඔහු හට මෙලොව සෑම දේම අහිමිවී යයි....ඒත් අතීතය වෙනස් කිරිමට ඔහුට හැකිවේ... ෆැන්ටසි ගනයට වැටෙන මේ සලරුව සටන් වලින් පිරි ඇත්තකි...


23. Harry Potter & the Prisoner of Azkabam (2004)



Fantasy Film
IMDb Rating:7.8/10

හැරී පොටර් කතා මාලවටද කාල තරණය සම්බන්ධ කරන මේ ගැලපීම ඉතාම අගනා බව ඕනෑම කෙනෙක් දනි.. සීරියස් බ්ලැක් බේරාගැනිමට හර්මයිනිගේ කාලයන්ත්ර්‍ය යොදාගැනිම රසවත් ලෙස නිර්මාණය කර ඇත.







22. Star Trek (2009)




American Science-fiction Adventure Film
IMDb Rating:8/10
තාරකා සංග්‍රාමය..අභ්‍යවකාශ යානා....සුපර්නෝවා පිපිරුම්..මන්දාකිණි ගැටුම්..වැනි සංකල්පයන් පිළිබඳව කියැවෙන්නාවු වීර චාරිකා ගනයට අයත් මෙම සලරුව කලු කුහරයක් තුලින් අනාගතයේ සිට පැමිනෙන රුදුරු පිටසක්වලයින් විසින් වර්තමානය අවුල් කරන්නාවු අන්දම කියවෙන සිත්තමකි..



21. Back to the Feature (1985)


Science-fiction Adventure Comedy Film
IMDb Rating:8.5/10

හාස්‍යජනක චිත්‍රපටයක් වුවත් කාලතරණය පිළිබඳව කතාකිරිමේදි එදා මෙදා තුර වැඩිම ප්‍රේක්ෂක හදවත් දිනගත් චිත්‍රපටයයි..කොටස් තුනකට දිවයන චිත්‍රපට මාලාව වෙන වෙනම ද රසවිඳීමට හැක.
පලමු චිත්‍රපටයේ තම මිතුරු මහාචාර්යවරයකු තනන ප්ලූටෝනියම් වලින් පනගැන්වෙන කාලයන්ත්‍රයකින් වැරදීමකින් අවු 30ක් අතීතයට යන  මාටි හේතුවේන් ඔහුගේම අතීතයේ සිටින පියා හා මව අතර ප්‍රේම සම්බන්ධය බිඳ වැටනවා.. නැවත ඔවුන් දෙදෙනා එක් නොවුනොත් වර්තමානයේ මාටි කෙනෙක් නැති අවදානමකට,අවුලකට පත් වෙන ඔහුට නැවත් ඒ දෙදෙනා එකතු කිරිමට.. කාලයන්ත්‍රයට අවශ්‍ය ප්ලූටෝනියම් සොයාගැනිමට... තරුණ වයසේ ඉන්නා කාලයන්ත්‍රය නිර්මාණය කල මහාචාර්ය වරයාගෙන් උදව් ලබාගෙන නැවත වර්තමානයට පැමිනිම...  ඔහුගේ අභියෝග වනවා.




20. Donnie Darko (2001)


American Psychological Horror Drama Film
IMDb Rating:8.1/10
ඩොනි ඩාර්කෝ මානසික පීඩනයට බෙහෙත් බොන තරුණ වයසේ ඉන්නා ගැටවරයෙකි. නින්දෙන් ඇවිදීම ඔහුගේ ඇති රෝග ලක්ෂණයකි. දිනක් මනසේ මැවෙන අද්භුත හිස් වැසුමක් දැමු පුද්ගලයෙකු  හේතුවේන් ඔහු දිවි ගලවා ගන්නා අතර.. එතැන් පටන් ඔහුගේ උපදෙස් මත විකාර වැඩ කරණ ඔහු ඒ අද්භූත රුව අනාගතයේ තමන් අතින් මියයන අවතාරයක් බැව් අවබෝධ කරගන්නේ අවසානටය...ඉතා සංකීර්ණ මානෝමය ගැටලු කාරි  නිර්මාණයක් වන මෙය නම් පැහැදිලිකිරිමට අපහසු ෆිලුමකි.

19. Timeline (2003)


Science-fiction Adventure Film
IMDb Rating:5.6/10
ප්‍රංශයේ පුරාවිද්‍යාත්මක කැනිම් වල නිරත වෙන පිරිසකට බලකොටුවකට යටින් වු අබිරහස් උමඟයක තිබි තම ප්‍රධාන මහාචාර්යවරයාගෙන් අබිරහස් පනිවිඩයක් හමුවෙයි..එය කාබන් 14 පරික්ෂණයෙන් වර්ෂ 1357 දී ලියුවක් ලෙස හඳුනාගැනිමෙන් පුදුමයට පත්වන පුත්‍රයා හා පිරිස තම පියා වැඩකරමින් සිටියැයි සිතන අමෙරිකානු පරීක්ෂණාගාරයයෙන් විමසන විට දැන්ගන්නට ලැබෙන්නේ පඨාර්ථ සම්පේශණයක් සැදීම අතර විවර වු කාල ද්වාරයක්(worm hole) තුලින් පියා 1357ප්‍රංශ හා ඉංග්‍රීසින් අතර සිදුවු සටනක් මද්යයේ සිරවි සිට අනාගතයට පනිවිඩය එවු බවයි. පුතා ඇතුලු පිරිස ඒ හරහා ම අතීතයට යනුයේ පියා නැවත බේරාගෙන වර්තමානයට රැගෙන එනු පිනිසය..නමුත් මද්‍යකාලින යුගයේ යුද්දයේ බිහිසුනු බවට මැදිවන ඔවුන් පැය හයක් තුල නැවත් පැමිනිය යුතු වේ. ඉතිහාසය නැවත් ලිවිමට ඔවුන් දායක වෙන බව වටහා ගැනිමෙන් හා ආදර අන්දරයක පැටලෙන එක් අයෙකු, අතීතයේම නැවතීමට තීරණය කරයි...

18. Triangle (2009)



British Psychological Horror thriller film
IMDb Rating:6.9/10
ඉයොලස් යනු පැරණි ග්‍රීක මිත්‍යා විස්වාස වලට අනුව සුළඟට අධිපති දෙවියාය..එමෙන්ම සිසිපුයිස් ගේ පියාය ..සිසිපුයුස් හට මරණයට වංචා කිරිම හෙතුවේන් අපායේදී රුදුරු දඩුවමක් විදීමට ලැබෙයි..එනම් විශාල පර්වතයක් කඳු පාමුලක සිට එහි මුදුනට තල්ලු කරගෙන යාමය..කඳු මුදුනට පැමිණි විගස පර්වත්‍ය ඔහුවද යට කරගෙන තැලී පොඩි කරගෙන නැවත කඳු පාමුලට රෝල් වී ගේන යයි...නැවත නැගී සිටින ඔහු පර්වතය නැවත කඳු මුදුන්ට තල්ලු කිරිමට පටන් ගනී..මෙය අවසානයක් නොමැතිව කිරිම ඔහුගේ දඩුවමයි.............
.
මාලු බෑම සදහා විනොද සවාරියක් යන පිරිස බර්මියුඩා ත්‍රිකොනය අසලදි කුනාටුවකට අසුවී අසරණව ඉන්නා විට ඉයෝලස් නැමැති අද්භූත නෞකාවට නඟින්නේ දිවි ගලවා ගැනිමටයි....නමුත් තමන් කාල ප්‍රතිවර්ථනයකට (Time reassignment) අසුවී ඉවරයක් නැති මරණයට ගොදුරු වී ඇති බැව් තේරුම් ගන්නා විට ප්‍රමාද වැඩිය... එක් මරණයකට බියවෙන මිනිසා කෙලවරක් නැති ඉරණමට වඩා එය යහපත් බව තේරුම් ගත යුතුය...


17. The Time Traveler's Wife (2009)


American Romantic Drama Film
IMDb Rating:7.1/10


මේ ඉතාම ලස්සන ආදර කතාවකි..ජාන විකුර්තිවීම හේතුකොටගෙන මානසික කාල තරන බලයක ලැබු හෙයින් ඒ ඕස්සේ දිවයන කතාවකි.








16. The Time machine (2002)


American Science-fiction Film
IMDb Rating:5.9/10
දහනව වැන සියවසේ අවසාන අවුරුද්දේ සිටින විද්‍යාඥයකු වන අප කතා නායකයා තම පෙම්වතියගේ අකල් මරණයෙන් කම්පාවට පත්වී අතීතය වෙනස් කිරිමට දැඩි කැපවීමෙන් ක්‍රියා කරන ඔහුගේ එකම අරමුණ කාලයන්ත්‍රක් නිර්මාණය කර අතීතයට ගොස් තම පෙම්වතිය බේරා ගැනිමයි..අවු 4 කට පසු කාල යන්ත්‍ර සදාගන්නා ඔහු කීපවරක්ම අතීතයට ගොස් පෙම්වතියගේ මරණය වැලක්වීමට උත්සහ කලත් එක අනතුරකින් ඈ බේරා ගත් විට තවත් අනතුරකට පත්ව ඈ මිය යෑම කෙසේවත් වැලක්වීමට නොහැකි බව  තේරුම් ගන්නා ඔහු කලකීරිමෙන් අනාගතයට(2037) පිවිසෙයි. එහිදි සිදුවන ග්‍රාහක ගැටිමකින් අනතුරට පත්වන යානය හා ඔහු තෙරක් නොපෙනන අනාගතයට(802,701) යන්නේ සිහිකල්පනාවකින් තොරවයි...එහිදී මිනිස් වර්ගයා කොටස් දෙකකට බෙදි ඇත්තේ දඩයම් කරුවන් හා දඩයමට ලක්වෙන්නන් යනුවෙනි. පර්වත්වාසීව දිවිගෙවන දුර්වලයන්ට තම හැකියාව හා කාලයන්ත්‍රය කැපකර  දඩයම් කරුවන්ට විරුද්ධව සටන් කරන ඔහු අනාගත්යේ තම පෙම්වතිය සොයාගෙන අනාගතයේම නැවතීමට තීරණය කරයි. කාල යන්ත්‍රයකින් අතීතය හෝ ඉරණම වෙනස් නොකළහැකි බවේ  සංකල්පය ලබා දෙන අනිවාර්යයෙන්ම නැරඹිය යුතු සිනමා නිර්මාණයකි.


15. 12 Monkey


American neo- noir Science-fiction Film
IMDb Rating:8.1/10
අනාගතයේ දරුණූ වෛයිරසයිකින් මුලු මහත් මිනිස් සංහතියම විනාශවීමේ අවදානමකට මුහුන පා සිටින සමයක කාල යන්ත්‍රයක් උපයෝගි කරගෙන අතීත්‍යට පැමින වෛයිරසය පැතිරීමට පෙර එය නැවත්වීමට උත්සහ දරන කතාවක් වටා තැනුණු මේ චිත්‍රපටයෙන් කාල රේඛාව මත යොදන අස්ම්පීඩ්‍ය බලයන් හේතුකොටගෙන සිදුවන අවුල් වියවුල් ගැන පැහැදිලි කරන අනගි නිර්මාණයක් වේ..



14. Frequency (2000)


American Science-fiction Thriller Film
IMDb Rating:7.3/10
පොලිස් නිලධාරියකු වන ජෝන් සුලිවන් හට තම පියාගේ පරණ බඩු අතර තිබි රේඩියෝවක් හමුවී  එය තුලින් අතීතයේ සිටි පියා සමඟ කතාකිරිමට හැකි බව සොයාගැනිමත් සමගම විස්මයට පත් ඔහුගේ උත්සහය වන්නේ ගින්නකට අසු වී මැරෙන්නට  නියමිත පියාව බේරගැනිම. ඒ හේතුවෙන් ඔහුට විවිධ කරදරයන්ට මුහුණ පාන්නට වෙන්නේ  අතීතය වෙනස් කිරිම කොතරම් භායනකද යන්න පෙන්නුම් කරමින්...






13. Primer (2004)


American indie Science Fiction Drama Film
IMDb Rating:7/10

විද්‍යාත්මක පරික්ෂණක් අතර මැදදී අවකාශයක් තුලින් කාලයේ දෙබිඩි විචලයක් මතු කරගන්නා දෙමිතුරෝ තමන් වැනිම පිටපතකින් වෙනස් කාලයක තමන්ට හා තම පවුලේ අයට උදව් කිරිමට පෙළඹීමෙන් ඇතිවන අවුල ලිහා ගැනිමට නොහැකි වන අයුරු මේ නිර්මාණයෙන් කියවේ..








12. Looper (2012)


American Science Fiction Action Thriller film 
IMDb Rating:7.4/10

කාලතරණය සොයා ගත් විගසම එය තහනම් කිරිම හේතුවෙන් අනාගතයේ සිට පැමිනෙන්නන් ඝාතනය කිරිම ලූපර් ල ගේ රාජකාරියයි.... නමුත් මෙවර අනාගතයෙන් එන්නා තමන්ම බව අවබෝධ කරගන්නා ඔහු පැටලේන්නේ තමන්ගේම බිරිඳගේ මිනිමරුවා මැරිමට පැමිණී තමන් සමඟමයි... සටන් සපිරි අනගි විද්‍යා ප්‍රබන්ධයකි..




11. The Jacket (2005)



Psychological Horror Thriller film
IMDb Rating:7.1/10
1992 දි ගල්ෆ් යුද්දයෙන් හිසට වෙඩි පහරක් ලැබී මැරී ඉපදුන ජැක් ස්ටාර්ක් නැවත මව් රටට පැමින මානසික අස්තාවරය හේතුකොටගෙන රැකියාවක් නොමැතිව පාරක තනියම යන විට කුඩා ගැහැනු ලමයෙකුට හා ඇගේ මවගේ රිය පිලිසකර කර ගැහැනු දරුවා සමඟ මිතුරුව ඈ හට තමන්ගේ ඩෝග් ටැග් එක ලබාදෙයි. ඊට සුලු මොහොතකට පසු අනුන් කල අපරාධයකට  අසුවී මානසික රෝහලක සිරවීමට ඔහුට සිදුවෙයි... එම රෝහලේ  සිටින කුරිරු වෛද්‍යවරයාගේ  අසාමාන්‍ය බෙහෙතකට ලක්වී ජැකට්ටුවකින් බැඳී මිනී කාබරයේ ලාච්චුවක නිතරම සිරවීමට ඔහුට සිදුවේ.. බෙහේතේ බලයෙන් රුදුරු අතීත්යේ ඉවසාගත නොහැකි අනුස්මරණ වල සිරවෙන ඔහුට එක්වරම තමන් නිදහස් විදියක රූමත් තරුණියක් හා තනිවේ. ඈ සතුව තිබි තමන්ගේ ඩෝග් ටැග් එක දකින ඔහු තමන් අනාගත්යේ (2007)  සිටින බව හා වර්තමානයේ වුන් ජැක් ඊට දින හතරකට පසු මිය යන බව දැන ගනී...නැවත ලාච්චුවෙන් එලියට ගත් විට වර්තමානයට එන ඔහු මානසික රෝහලේ තමන් වටා වු මේ අබිරහස විසදීමට ගනී.. දින හතරක් ඇතුලත මිය යාමට සිටින ඔහු නිතර කලබල කරමින් දඩුවම ලෙස මිනී කාබර්යේ  ලාච්චුවට ගොස් අනාගතය හා වර්තමානය අතර තමන්ගේ ඉරණම සොයා ගනී...ඉතා රසවත් කුතුහලයෙන් යුතු අනගි සිත්තමකි.


10. The Butterfly Effect (2004)



American Psychological Thriller Film
IMDb Rating:7.7/10
ඉතා ජනප්‍රිය වු  පත් කාල තරණය පිළිබඳ අනගි නිර්මාණයකි.කාලතරණය  ගැන කතා කිරිමේදි වැදගත්ම සංකල්පය Butterfly effect වේ. එනම් අතීතයේ එක් කුඩා සමනලයකු පෑගීම තරම් ඉතා කුඩා සිදුවීමක් වර්තමානය හා අනාගතය සම්පුර්ණයෙන් වෙනස් කිරිමට බලපෑමයි.
අප කතා නායකයා කුඩා කල සිටම යම් යම් අවස්ථාවක් වලදී අභිරහස් ලෙස මතකය අහිමි වීම් වලින් පෙලෙන අතර ඒ හේතුවෙන්ම ඔහු දිනපොතක් ලිවිමට පටන් ගනී. පසුකාලයේදි ආපසු දිනපොත කියවන අවස්ථාවන්හි ඔහුට ඒ අහිමි වු මතකයන් ලැබෙන අතර ඒ හරහා කාලය අපස්සට ගොස් ඔහු කරන්නාවූ විවිධ කුඩා වෙනස් කම් හේතුවේන් වර්තමාන ජිවිතය උඩු යටිකුරු වන අකාරය රසවත් ලෙස මෙයට තේමා වි ඇත. එකම තේමාවට වුව වෙනස් කතාවක් දිවයන මෙහි දෙවන(2007 the butterfly effect 2) හා තෙවන (2009 the butterfly effect 3) චිත්‍රපටද කාලතරණයේ ඇති භායනක බව මොනවට පැහැදිලි කරන රසවත් නිර්මාණයන් වේ.

09. Edge Of Tomorrow (2014) 



American Science Fiction film 
IMDb Rating:7.9/10
අනාගත විද්‍යාත්මක දියුණුවත් සමඟම යුද්දය මොනතරම් අපහසු වේද... පිටසක්වල ජීවී ආක්‍රමණයත් සමඟම සටන් බිමට යන විරුවා කාල ප්‍රතිවර්ථනයන් මඟින් මැරි මැරි උපදමින් සටන් වදී... සංකීරණ විද්‍යාත්මක පැහැදිලි කිරිම් ඇති සටන් චිත්‍රපටයකි.




08.  Project Almanac (2015)


Australian Found Footage Science Fiction Thriller film 
IMDb Rating:.6.4/10 

Butterfly Effect ගැන කියවෙන සුපිරි සලරුවකි...








07. Deja Vu (2006)



American Science-fiction Action Thriller FilmIMDb Rating:7/10



ඉතාම තාත්වික ඝනයේ ප්‍රබන්ධකි. කාල තරණ සිනමාවේ හොඳම චිත්‍රපටයක් වන අතර ත්‍රාසය දනවන නිර්මාණයකි. බෝම්බයක් පිපිරිමෙන් විනාශයට පත් වෙන සිදිදියක් සෙවිමට පැමිනෙන රහස් පරිකශකයාට කාල ද්වාරයක් හරහා ඒ සිදුවීම නැවත්වීමට අතීතය ට යෑමට සිදුවේ...


06. Minority Report (2002)



American tech noir Mystery thriller Film

IMDb Rating:7.7/10

ස්ටීවන් ස්පිල්බර්ග් ගේ අධ්‍යක්ෂණයෙන් හා ටොම් කෲස් ගේ රංගනයෙන් හැඩවුන මේ චිත්‍රපටය වචනයෙන් පරිසමාප්ත අර්ථයෙන් යුතු විද්‍යා ප්‍රබන්ධයක්. කතාවට අනුව ඒ 2057 වර්ෂයයි.මොලයේ ජාන විකෘතියකට ලක් වූ විශේෂ පුද්ගලයන් 3 දෙනෙක්ට හැකියාවක් ලැබෙනවා මිනීමැරුම් කල් තියා දැනගන්න..අව්ස්තාවෙන් හා තාක්ෂණන් උපරිම ප්‍රයෝජනය ගන්න පිරිසක් ඒ මීනිමැරුම් සිදු වීමට ප්‍රථම නොකල එහෙත් කරන්නට ඉන්න මිනීමැරුම් වලට මිනිස්සු අත්අඩංගුවට ගන්නවා... මේ ක්‍රමය හේතුවෙන් අවුරුදු ගානකින් කිසිම මිනිමැරුමක් වෙලා නෑ.. හැබැයි මේ දර්ශන පෙනුනට තෙරුම් ගන්න හරි අමාරුයි..අප කතා නායකයා තමයි මේ කණ්ඩායමේ ඉන්න හොඳම විශ්ලේශකයා දවසක් මෙහි අඩු පාඩුවක් දකින ඔහු මේ ගැන හොයන්න තීරණය කරද්දිම ඔහු මිනිමැරුමක් කරන දර්ශනයක් හේතුවෙන් ඔහු දඩයමට ලක්වෙනවා.. තම හැකියාවන් යොදා අනාගතයේ තමන් අතින් සිදුවන මිනිමැරුම වලක්වා ගැනිමට උත්සහ කරත් මේ අනාගත් දර්ශන හැම විටම සත්‍යයක් බව අන්තිමේදි ඔහුට තෙරුම් යනවා..කොහොම නමුත් ඉරණම වෙනස් කිරිමට ඔහු තීර්ණය කරනවා...


05. Terminator Genisys (2015)


Science fiction Action Films
1.Terminator(1984)
    IMDb Rating:8.1/10
2.Terminator II Judgment Day(1991)
    IMDb Rating:8.5/10
3.Terminator III Rise of the Machine(2003)
    IMDb Rating:6.4/10
4.Terminator salvation(2009)
    IMDb Rating:6.6/10
5.Terminator Genisys (2015)
    IMDb Rating:6.6/10

හොලිවුඩ් සිනමාවේ අයෝමය පුරුෂයා රඟන මේ චිත්‍රපට මලාව නොබැලු බාල මහලු අයෙක් නොමැති තරම් ය. ලාංකික ජනතාවට මෙන්ම  ලෝක සිනමාවටද කාලතරණය සංකල්පය ජනප්‍රිය කළ මුල්ම සිනමා නිර්මාණයකි.මේ තරම් කාල තරණය පිළිබඳ ත්‍රාසය දනවන විද්‍යා චිත්‍රපටයක්  නොමැති තරම්‍ය.සරල වුවත් සංකීර්ණ අවසානයකට මඟ පාදන චිත්‍රපට මාලාවක පලමු වැන්නහි කතාව අනාගතයේ සිට මිනීමරු යන්ත්‍රක් වර්තමානයේ  ජිවත් වු සාරා කෝනර් නැමැත්තිය ඝාතනය කිරිමට පැමිනේන්නේ  අනාගත්යේ වු යන්ත්‍ර මිනිස් ගැටුමේ මිනිසුන්ගේ නායකයා වු ජෝන් කෝනර්ගේ උපත වැලැක්වීමටය.කෙසේ උවත් 4 වැනි චිත්‍රපටය වු terminator salvation(2009) එන තෙක් ජිග්සෝ ප්‍රහේලිකාවේ කෑලි සියල්ල සම්පූර්ණ නොවුණත් ඒ හතරවැනි ෆිලුමත් සමඟම අතීත අනාගත වර්තමාන කාල රේඛාවේ සියලු අපැහැදිලි තැන්  මොනවට පැහැදිලි විය.. නමුත් අවසාන චිත්‍රපටයේ පැමිනිමත් සමඟම(terminator genisys) විද්‍යාවේත් සංකල්පයේත් දියුනුව පැහැදිලි කරමින් පෙර වු සියලුම කාලරේඛාවන් මකා දමා අලුත්ම අනාගතයකට මඟ පෙන්වීය.කෙසේ වෙතත් terminator genisys චිත්‍රපටය හේතුවේන් නැවත් කාලරේඛාව වෙනස් කිරිමට ඇති හැකියාව අසම්පුර්ණ ලෙස පැහැදිලි කර  ගැටලු රාශියක් ඉතිරිකල දුන්නේ  තවත් චිත්‍රපට කීපයකට ආරම්භයක් ලබා දෙමින් බව කිව හැක.


04. Interstellar (2014)


Science Fiction film
IMDb Rating:8.6/10

එදා මෙදා තුර සිනම ඉතිහාසයේ බිහිවු හොඳම විද්‍යා ප්‍රබන්ධය කියා සැලකෙන මෙය ඉතා සංකීරණ නිර්මාණයකි...කාලතරණය මෙන්ම අභ්‍යවකාශයේ සියලු ගැටලු ගැන කතාකරන මේ චිත්‍රපටය සත්‍ය විද්‍යාත්මක කරුණු ඉදිරිපත් කරන අනගිතම සිත්තමකි..
මිනිසා හට මහපොලව මත ජීවත් වීමට නොහැකි තැන අවකාශමය පණු කුහරයක් මතින් ඈත විශ්වයේ ජීවත් වීමට ලෝකයක් සොයා යන අතරමඟ කලු කුහරයක් හේතුවේන් ඇති කරන්නාවු විශාල ගුරුත්වය මත කාලීය වෙනසකට ලක්වෙන කතා නායකයා අනාගතයේම මිනිසා විසින් සාදන ලද මානීය අවකාශයක සිරවී පොලව මත වසන තම දියණියට මනුශ්‍ය වර්ගයාගේ ඉරණම තීරණය කිරිමට උදව් දෙන අකාරය ඉතාමත් රසවත්ව සිත්තමට නඟා ඇත. විද්‍යාව කොතරම් දියුණුවට පත් වුවද කාල තරණය වැනි මාතෘකා වලින් ගැලවීම සෙවීමට කොතරම් අපහසුද යන්න හා වෙනස් මානයක් තුලින් අප ජීවත් වන මානයේ කාලය හා අවකාශයට බලපෑමක් කිරිම සඳහා මිනිසා තව කොතරම් දියුණුවක් ලඟා කරගත යුතුද යන බව මොනවට පැහැදිලි කරන අනගි සිත්තමකි.

03. Source Code (2011)


French American Science Fiction Thriller film 
IMDb Rating:7.5/10
සොල්දාදුවෙකු තම රට වෙනුවෙන් මරණින් මතුත් සේවය කල යුතුද... නැතහොත් රට වෙනුවෙන් එක් මරණයක් ප්‍රමාණවත් නොවේද...?
කැප්ටන් කෝල්ට්ර්  ස්ටීවන් ඇමරිකානු හමුදාවේ හෙලිකොප්ටර් නියෙමුවෙකි ඇෆ්ගනිස්ථානයේ මෙහෙයුමක නිරත වී සිටින ඔහු එකවරම අවදිවන්නේ චිකාගොහි වු ගමන් කරමින් තිබෙන්නාවු දුම්රියකිනි..ඔහුගේ මුහුණුවර වෙනස් ය... ඇදුම් පැළැඳුම් මෙන්ම සිරුරුද වෙන අයෙකුට අයත් වුවකි..විනාඩි අටකින් දුම්රියෙහි වු බෝම්බයක් පිපිරෙන අතර ඊට පෙර එය තැබු පුද්ගලයා සොයා ගත යුතුය.. විනාඩි 8 කට පසු පිපිරිමේන් ඔහු මිය යන අතර නැවත කාලය ඒ විනාඩි අටහි මුලට යයි... ටිකින් ටික ඔහු අවබෝධකර ගන්නේ මීට මාස දෙකකට පෙර තමන් මිය ගිය බවත්..නොමැරි ඉතුරු වී සිටින මොලය පරිගනක මුල කේතනයක් මඟින්  මෙහෙයුම් වලට අනුයුක්ත කරන බවයි. අතීතයත් වර්තමානයත් නොවු ලොකයක තම මරණයවත් හිමි නැති ඉරණමකට මුහුණ පා සිටින ඔහු බෝම්බ කරු හඳුනාගෙන බෝම්බයද නිෂ්ක්‍රිය කර කාල ප්‍රතිවර්ථනයන් තුල සිරවී ඇති තම ආත්මය බේරා ගනී. ත්‍රාසය දනවන අනගි සිත්තමකි.

02. Time Lapse 


American indie Science Fiction Thriller film 
IMDb Rating:.6.4/10 

තෙවන ඇසකින් අනාගතය දෙස බැලිය හැකිනම්.....
ඉතා සරල අදහසකින් ලෝක සිනමාවට කාලය පිළිබඳ අමුතුම සංකල්පයක් ලබා දුන් මේ සිනමා නිර්මාණය  බෝඩිමක ජිවත් වන පෙම්වතුන් ජෝඩුවක් හා ඔවුන්ගේ මිතුරා මත දිඟ හැරේ...
අස්ල්වැසි කාබරයක් තුලින් අනාගතයේ පින්තුර ගතහැකි විසල් කැමරාවක් සොයා ගැනිමෙන් ඔවුන්ගේ ජීවිතය වෙනස් වන අන්දම කුතුහලය දන්වන අයුරින් ඉදිරිපත් කර ඇත...
කාල රේඛාව ස්තාන තුනකින් නිරික්ෂණය කිරිමෙන් වර්තමානය වෙනස් කල හැකද....? කාලය පිළිබඳව ඉතාම වැදගත් සංකල්පයක් ඔබ තුල ජනිත කරවන සලරුවකි.





01. Predestination (2014)



Australian Science Fiction Mystery Thriller film 
IMDb Rating:7.4/10 
කාලතරණය යන තේමාව යටතේ මේතෙක් පලවු අතී සංකීරණම සිනමාපටය මෙයයි... මනස කලබන සිනමා නිර්මාණයක් වන මෙය මේ ලැයිස්තුවේ ඉහලින්ම සිටිමට හේතුව මේ සිනමා නිර්මාණය  නැරඹූ අය දනී..... වැඩි යමක් නොකියමි මන්ද මේ ලිපිය කියවු අයෙක් වේ නම් අනිවාර්යෙනම බැලිය යුතු යැයි කියන එමෙන්ම බැලීමෙන් අනතුරුව අග මුල තේරුම් ගැනිමෙන්  හදවත නැවතෙන සිනමා නිර්මාණයක් හේතුවෙනි.කතාව පහත අයුරින් ආරම්භ වේ.

"..........තමුසේ  මම කවදාවත් අහලා නැති කතාවක් කීවොත් බෝතලයක් නිකම් දෙනවා...."
බාර් කීපර්ගේ කතාවට සෙමින් සිනහවක් නැගු ඔහු කතාව පටන් ගත්තේය...
" මම පුන්චි ගෑනූ ලමයා කාලේ............." 


********************

ප.ලි : Best Romantic Movie Based on Time Travel 

1. Winter's Tale (2014)
2. The Time Traveler's Wife (2009)
3. About Time (2013)
4. Midnight in Paris (2011)
5. The Lake House (200)




*********************************





වෙනස් සංකල්පයන්ගේන් යුතු කාලය පිළිබඳව වු සිනමා නිර්මාණ වේ නම් සඳහන් කරන්න...









මරීනයි මායි...

මරීනයි මායි...