Thursday, May 11, 2017

වෙසක් සිතුවිලි


අද ඇහැරෙද්දිම දවල් වෙලා....මහ මූසල දවසක්....
.
මූසලම හීන ගොඩක් එක්ක ඉඳලා ඇහැරුණ එක ගැන සතුටක් තිබ්බේ ඒවා හීන කියලා පැත්තකට දාන්න පුළුවන් හින්දා....ඒකත් සහනයක්.....
පන්සලේ වෙසක් බැති ගී.... බණ, සුමිහිරි ධර්ම දේශනා උදෙන්ම පටන් අරගෙන....ඉපදිච්ච දවසේ ඉඳන් කණ ගාව ඕවා ඇහෙන කොටත් කම්මලේ බල්ලා වගේ පත්තියං වෙලා තියෙන හින්දා... හදිස්සියේ කවුරු හරි බුදු උනත් මම ඇහැක් ඇරලා බලන එකෙක් නෙමෙයි....මොකද මම හොදටෝම දන්නවා මට තියෙන මේ ප්‍රශ්න එක්ක මේ ආත්මේ සෝවාන් වෙන්නවත්  කිසි චාන්ස් එකක්  නෑ කියලා....
අසු පස් වෙනි වරටත් පන්සලේ පවත්වන ජනෝපාකාර බත් දැන්සලෙන් ගෙදරට ම බත් බේසමක් එන හින්දාත් උඩහා ගමේ වුන් තියෙන බත් දන්සෙලෙනුත් බත් කොටහක් ගෙදරට ම වඩින හින්දත් වෙසක් එකේ අගයත් හුඟක්ම අඩු වෙලා..... ටවුම පුරාම අදත් දන්සැල්.. කොහේ ගියත් පොලීමේ ඉන්නේ නැතුව ඇතුළට පැනලා බත් පිඟානක් කාලා, කයියක් ගහලා එන්න පුළුවන් එකේ අපි කරන්නේ මොකක් හරි වාහන කට්ටක එල්ලිලා කොහේ හරී ඈතක ගොහිදින් දන්සැල් පෝලිමක පැයක් විතර ඉඳලා එක මාළුවක් එක්ක බත් ඩිංගක් කන එක.... එකේ තියන ලල් එක වෙන කොහොමටවත් ගන්න බෑ....
.
එලියට බහිද්දිම කඩෙන් ගෙනාං එල්ලපු වෙසක් කුඩුවක් ගිනි අරං.... රෑ පොදකුත් ගහලා තිබ්බ එකේ අනිත් කුඩූ ටිකත් තෙමිලා රැලි කඩං වැටිලා..අද පත්තු කරන්න වෙනම්ම සත්කාරයක් දෙන්න ඕනේ....
.
ඒකට ඉස්සර වෙසක් එකට කුඩූ හදනවා තරම් දෙයක් නෑ.... ගමේ ගිහින් රබර් වත්ත පුරා ඇවිදලා ඔට්ටපාලු ගලවගෙන... ඇළ ගාවට ගිහින් පතරංග උණ බටයක් බිම දාලා... එපා වෙනකං කූඩු හැදිල්ලක් තියෙන්නේ.... අටපට්ටම් එහෙම් හදද්දි කවදාවත් අන්තිමට හැදෙන කූඩුවේ සයිස් එක ගෙස් කරගන්න බැරි එකනම් මාර ම දෙයක්... අලවලා ඉවර වෙලා අන්තිමට හැඩ බලලා ඉටිපන්දමක් ගහලා පත්තුකරලා ඈතට ගිහින් බලනකොට හිතට එන දේ වචන කරන්න බෑ.... කොච්චර බකට් එල්ලුවත් මදි....සව් කොළ බකට් එකේ ඉටිපන්දමක් ගහලා එන එළිය කවදාවත් අරුමෝසම් ඉටිකොළ ගහපු කැටයම් බකට් එකකින් එන්නේ නැත්තේ ඇයි කියලා මට තාමත් තේරේන්නේ නෑ.... කොහොම උනත් උදේ නැඟිටලා බලද්දි කුඩුවක් දෙකක් ගිනි ගන්න එක වළක්වන්න සක්කරයටවත් බෑ.... සමහර විට අල්ලපු ගෙදර පොඩි එකා ඇවිත් ඕක ගිනි තියන්න ඇති කියළම තමයි මට හිතේන්නේ.... කුඩූවක් ලස්සනට හදලා අන්තිමට ගිනි අරං විනාශ වෙනවා දකින කොට සංසාරේ හැටි තේරේනවලු.... ඒකට හිත කලබල කර ගන්න ඕනේ නෑලූ....පොඩි කාලේනම් හිතට මාර වේදනයි.... ඒ කුඩූව දිහා බලලා හුල්ලනවා ඇර ඉතිරි වෙලා තියෙන කුඩු දිහා බලාගෙන හිත හදාගන්න මට බැරිඋණා....ඒත් දැන්.... කඩේං ගෙනාපු හින්දද දන්නේ නෑ...කුඩු පහම ගිනි ගත්තත් මට ගානක් නෑ... ඒ කියන්නේ සංසාරේ හැටි මට තේරිලාද.... ? නැත්තං මේ ඔක්කොම මට එපා වෙලාද.....?
.
කුඩූ කර්තව්‍යය අනිවාර්යෙන්ම වෙසක් එක දවසේ උදෙන්ම ඉවර කරන්න ඕනේ.... කූඩු විතරක් නම් කමක් නෑ අල්ලපු ගෙදර ගැරීජ් එකේ පොඩි මෑන්ට එගේන්ස් එකට පොඩි තොරං කෑල්ලක් ගහන එකත් මගේ ටාගට් එක....  මිනිහා වැඩ්ඩා... කැරකෙන කූඩු එහෙම ගහන්න රුසියා... මම වැඩිය කැමතියි ෆැලෑශර් කොටයක් ගහලා පොඩි තොරණක් ගහන්න.... ඉතින් හැම වෙසක් එකටම අපි දෙන්නා ගේමට මොකක් හරි විශේෂ සුකුරුත්තම් ටිකක් අටවනවා කඩේ ඉස්සරහා....ඔය වැඩේ ඉක්මනට ඉවර කරං බයිසිකල් කට්ටේ නැඟලා හවස් වෙනකං හතර දිබ්බාගයේ දන්සැල් වදින එකට තමයි මම නම් වෙසක් කියන්නේ...කොහේ ගියත් හවස හය වෙද්දි ගෙදර ඇවිත් කුඩු පත්තු කරලා පැයක් දෙකක් ඒ දිහාවේ බලන් ඉන්න එක මගේ හැටියක්... ඒ හින්දම අලුත් අවුරුද්දටත් වඩා වෙසක් එකට ගෙදර ඉන්න මම කැමතියි.... ඒකට දැන් කඩේං බල්බ් වැලක් ගෙනල්ලා දානවා ඇරෙන්න වෙන කිසි දෙයක් කරන්න ගැම්මක් නෑ.... ගිය පාර නම් යන්තමට අටපට්ටම් තුනක් බැඳලා දෙකක් අලවලා එල්ලුවා....ඒත් ඒක හදන්න උණ බටයක් හොයන්න ගොහින් සංසාරේම එපා වුණා.... ඉතින් මේ පාර කුඩූවක් අලවන්න කිසිම අදහසක් හිතේ තිබුනේ නෑ...
.
අනිත් එක තමයි වෙසක් එක කියන්නේ අහළ පහළ ගං වල ඉන්න ලස්සනම නංගිලා අක්කලා සුදු ඇදුමින් සැරසිළා ටවුමට එන එකම දවස.... ඉතින් වෙසක් රෑ වෙනකං හන්දි ගානේ රස්තියාදු ගහන එක අපේ පුරුද්දක්... සමහරු දිව්‍ය අංගනාවෝ පරාදයි... අවුරුද්ද පුරාම දිව්‍ය ලෝකේ ද කොහෙද ඉඳන් වෙසක් දවසටම විතරක් කානිවල් බලන්න ... පන්සල් වැඳ පුදා ගන්න මහපොළවට බැස්සා වගේයි... හරිම සැදැහැවත්... ඉස්කෝප්පයයි මමයි හැමදාම පුදුම වෙන හා තාම තේරුම් ගන්න බැරි ලෝක පුදුමයකුත් කියලා මේ දේ නම් කරා... ඒ තමයි මෙච්චර සැදැහැවත් යුවතීන් මෙළොව ඉන්නවද කියන එක... දැන් ඉස්කෝප්පයා වෙසක් එකටවත් ගෙදර එන්නේ නැති එකේ එහෙම ආතල් එකක්වත් ගන්න වාසනාවක් නෑ.... ඉතින් වෙසක් නෑ වගේ..
අන්තිමට හිතෙන්නේ ඇයි දෙයියනේ අපි පොඩි උන් වගේම හිටියේ නැත්තේ කියලා....ලොකු වුණ එක තමයි එකම වැරැද්ද....

14 comments:

  1. කරක් ගහල ගම්මැද්දේ උණ බටයක් කපාලා
    එකක් නොවෙයි අටපට්ටම් පොකුරු පොකුරු හදාලා
    දිනක් තිබුනෙ ඒ මතකය අතීතෙටම බැඳීලා
    වෙසක් එනව ඇවිත් යනව අපි කොතැනද බලාලා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඇත්ත..... වෙසක් එනවා අපිව හොයන්න.....අපි කොහේදෝ නැවතිලා....
      .
      ජය වේවා දුමී...

      Delete
  2. හරි අපූරු අතීත මතකයක්..මටනම් ඒ කාලෙවත් මේ කාලෙවත් වෙසක් කූඩු හදන්න ඒ හැටි මනාපයක් තිබුනේ නෑ. මම ආසම කරපු දේ තමා අර පොඩි වෙසක් කාඩ් අරගෙන මුලු පන්තියටම දෙන එක ඒ වගේම එයාලගෙනුත් හම්බවෙනවා.

    ReplyDelete
    Replies
    1. අට නමයට එද්දිනම් කොල්ලෝ වෙසක් කාඩ් දෙන එක නැවත්තුවට කෙල්ලෝ එහෙම නෑ.... වෙසක් කාඩ් නොදුන්නට කෙල්ලො දුන්න වෙසක් කාඩ් හංගලා පරිස්සමට අරන් තියන්න කොල්ලො දක්ෂයි....
      .
      ජය වේවා.....!!!

      Delete
  3. අනිත් එක තමයි වෙසක් එක කියන්නේ අහළ පහළ ගං වල ඉන්න ලස්සනම නංගිලා අක්කලා සුදු ඇදුමින් සැරසිළා ටවුමට එන එකම දවස.... ඉතින් වෙසක් රෑ වෙනකං හන්දි ගානේ රස්තියාදු ගහන එක අපේ පුරුද්දක්

    ජය වේවා ..!!!

    ReplyDelete
    Replies
    1. ආයේ අහන්න දෙයකැයි
      .
      ජය වේවා .....!!!

      Delete
  4. //අවුරුද්ද පුරාම දිව්‍ය ලෝකේ ද කොහෙද ඉඳන් වෙසක් දවසටම විතරක් කානිවල් බලන්න// ෆොටෝ එකක්වත් දැම්මනම් අපටත් දිව්‍ය අන්ගනාවෝ බලා ගන්න. අර කණ්ඩා ගෙනුත් ඇහුව උත්තරයක් ලැබුනේ නැහැ. මේ ඔට්ටුපාලු මොකටද කූඩු හදන්න ? උණ පටි බඳින්නද ?

    ReplyDelete
    Replies
    1. දිව්‍ය අංගනාවෝ තනියම වෙසක් බලන්න එනවනම් කොච්චර දෙයක්ද... එන්නේ මාර සේනාවක් එක්ක ඔය අස්සේ පින්තූර කෑලි ගන්න ගියොත් හොදට හිටී.....
      .
      ඔට්ටපාලු වලින් කුඩු බදින්න හරි ලේසී.... බකට් කම්බි වලින් බඳිද්දි පුදුම අමාරුවක් තියෙන්නේ.. අනික කොච්චර හිරට බැන්දත් පොඩ්ඩ ඇත්තං බුරුල් එනවා... තව උණ බටේ වේලිලා තිබ්බේ නැත්තං වෙලේනකොට කම්බි වලින් බැඳපු කුඩු එල්ලා වැටෙනවා... ඔට්ටපාලු වලින් තමයි ලේසියෙන්ම බඳින්න පුළුවන්...
      .
      ජය වේවා....!!!

      Delete
    2. බොහොම ස්තූතියි. ලොජිකල් ඇත්තටම එහෙම කරන එක.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. Replies
    1. එකෙන්ම.....
      .
      ජය වේවා....!!!

      Delete
  7. අවංක සිතුවිලි පෙලක්. පුළුවන්නම් මේකත් කියවන්න

    ReplyDelete
    Replies
    1. // ඔබ යම් කිසි සොයා ගත නොහැකි අසනීපයකින් පෙලෙනවා යැයි සිතමු. එයට නියම ප්‍රතිකර්මය තේරුණු වෛද්‍යවරයෙකු බොහෝ දුක් කරදර විඳ සොයාගෙන ගොස් එය ලැබුණු පසුව තවත් කරදර විඳදරා ගනිමින් ඔබට ගැලපෙන ඖෂධය ඔබ අතටම ගෙනැවිත් දුන්නා යැයි සිතන්න. ඖෂධය සොයා ගැනීමට හා ගෙනවිත් දීමට ඔහු මහා වෙහෙසක් ගත්තත් ඔහු එය කලේ ඔබෙන් වැඳුම් පිදුම්, පුද සත්කාර ලබා ගැනීමට නොව ඖෂධය භාවිතා කර ඔබගේ ඇති ව්‍යාධිය සුවපත්කිරීමට පමණක්ම බව ඔබට වැටහෙනු ඇත.//

      Delete

මරීනයි මායි...

මරීනයි මායි...