Saturday, February 24, 2018

දිනපොත 25





"තාම ඉවර නැද්ද....."
.
එකෙක් කී හඬින් මම ආයේ පියවි ලෝකයට ආවා... වටේට කැරකුණු නිවී නිවී පත්තුවෙන ලයිට් කන්දරාවෙන් උනත් මේ අදුරු කොණ වර්ණවත් වුනේ නෑ... ඒක තමයි රහස... එතන තමයි සුන්දරම තැන තනිවෙන්න....
.
"නෑ තව ටිකකින් එන්නම්.... උඹ පලයං"
.
මම ඔලුවවත් උස්සන්නේ නැතුව කීවා.. වටේ හිටපු උන් ඔක්කෝම එක වීදුරුවක් දිහා බලං හිටියේ...එකේක්ගේ කකුල හීමීට වයිබ්‍රේට් වෙන්න ගත්තහම ඌ අත තියලා ඒක නවත්තන්න හැදුවට ඒක හරියන එකක් නෙමේ....
ප්‍රශ්නේ අහපු එකා එතනින් යන එක ගැනවත් අපි හිතුවේ නෑ...
වීදුරුවට නිල් පාට දුම පිරෙන හැටි බලං ඉදලා ගිණිකන වැටිච්ච ඇස් දෙක මම් මුදවගත්තේ හරි ආමාරුවෙන්...
එතනදි තමයි මට ඒ ඇස් දෙක මුණගැහුනේ.....
ස්විච් එකක් හීනියට උරන ගමන් ස්මෝකීන් ඒරියා එකේ කච බච ගාන හෙන ගැන්සියක් එක්ක හිටිය කෙට්ටු කෙල්ලෙක් එයා.... ඒත් ඇස් තිබුනේ අපේ ටීපෝ එක දිහාට.....
අපේ වැඩේ පටන් ගත්තා විතරයි.... ඒත් එන්න කලින් ඩාන්ස් ෆ්ලෝ එකේ පිස්සුවෙන් වගේ නට නට හිටපු මේ කෙල්ල මගේ දෘෂ්ටියේ සේව් වෙන්න වැඩි වෙලාවක් ගියේ නැත්තේ ඒ තිබුණ කෙළිලොල් ගතියට වෙන්න ඇති....
ඔව් එහෙම වෙන්න ඇති... මම් ආයේ ඇස් දෙක පියාගත්තා.... රිද්මෙට හෙලවෙන වාතවකාශය වීදුරු වලින් කාන්දු වෙලා මෙතනට ආවත් හිමීට විදින්න පුලුවන්.. කකුලකින් රිද්මයක් පාගන් ගමන් දුම් උගුරක් බොන්න පුලුවන්....
මම් වීදුරුවට පිරිලා තිබ්බ දුම එක උගුරට බීවා.... වීදුරුව ආයේ ටීපෝව උඩින් තිබ්බා... එකේ තිබ්බේ සීතල රහක්... වෙන කිසිම දෙයක් නෙමේ....
.
"නිශාචර නියෝන් එලි දහසයි...
නිකොටින් දුම් වළලු දෙදහසයි
ටීකිලා ශොට් කිහිපයකට පසුවත්
සාදයේ කෙළවර
රිද්මයට
අඬන්නට පුලුවන්
කවියෙක්ට විතරයි......"

ඔලුවට ආපු දේ හිමීට ගැලපුවත් මෙතන තනිකමට වැඩි දෙයක් තියෙනවා විදින්න... මම් කැරකවෙන ඔලුව ඉස්සුවා... රැය තාම තරුණයි... මට ඩාන්ස් ෆ්ලෝ එක පැත්තට යන්න ඕන උනා.... නොදන්නා මිනිස්සු ගොඩක් මැද ඇස් නිලංකාර කරන එලි ගොඩක් මැද හොදටෝම නටන්න පස්මහ බැලුම් ඔක්කෝම ගැලපිලා ඉවරයි... දැන් නිරපේක්ෂිත අවකාශයක ඉපදෙන්න වෙලාව හරි.... මම් වටපිට බැලුවා... ටීපෝව වටේට නැඹුරු වෙල හිටිය එකෙක්වත් නෑ... හැමෝම තම තමන්ගේ අවකාශ වල විසිරිලා ගිහින්...මම් හුස්මක් පිටකරලා පුටුවෙන් නැගිට්ටා...

හැරෙද්දීම ආයේ ඒ ඇස් හම්බ උනා... මම් ඒ ගැම්මෙන්ම ඒ පැත්තට බර උනා... එයත් තනියෙම්ම... ස්විච් එකක් උරනවා...
.
"දුම් මරුවෙක් වගේ මේ කෙල්ල"
.
මම් මටම කියාගත්තා....
ටෝකක් දාන්න ඕනේ... මට හිතුනා...
.
"එක්ස්කියුස් මී....
ඩු යූ හැව් අ ලයිටර්...."
.
වටපිට බලලා මම් ගානක් නැතුව වගේ ඇහුවා....

විදුලියක් වගේ ඇස් පිල්ලං ගැහිල්ලක් අඩ අදුරේ මම් කෝම දැක්කද මංදා...හීනි කොළ පාට ලා අලෝකයක් එක්ක විටින් විට කැරකෙන රතු පාට නිල් පාට ඩීජේ ආලෝක එයාගේ මුණ වර්ණවත් කලා නොකීවොත් ඒක අඩුපාඩුවක්....
.
"යා.... ජස්ට් අ සෙකන්ඩ්..."
.
එයා එයාගේ කොටු විසාල පර්ස් එක අවුස්සන ගත්තා.... නෑ ඒක එතන තිබුනේ නෑ... එයාගේ ඉස්සරහ තිබ්බ ඩන්හිල් පෙට්ටියට යටවෙලා තිබ්බ ලයිටරේ දැක්කත් මම නොදන්නවා ගානට හිටියා... පර්ස් එකේ ඒක නැති බව දැනගෙන එයා ටීපෝ එක උඩ තිබ්බ ලයිටරේ අරගෙන මගේ දිහාවට දික්කලා.... ඒක ගිනි ගලක් අල්ලපු හැන්ඩි රවුම් ලයිටර් එකක්... තුන් පාරක් ගහලා මම් සිගරට් එක පත්තු කරගෙන ඒක එයාගේ දිහාට දික කරලා "තැන්ක්ස් " කීවා....
එයා දුම් උගුරක් බොන ගමන්ම හිනාවෙලා ඒක ගත්තා....
.
මම් තව ස්ටෙප් එකක් තිබ්බා ඉස්සරහට....
.
"මේ අයි...."
.
එයා ගාව තිබ්බ හිස් පුටුවකට අත දිකකරපු මම් මිමිනුවා....
.
"ශුවර්......"
.
එයා ගානක්වත් ගන්නෙ නැතුව මිමිණුවා....
.
අපි දෙන්නම මුණවල් දිහා බලාගෙන දුම් කැරළි කීපයක් පිටකරා... එයාගෙ මුණේ තිබ්බා මහ අමුතු ආකර්ෂණයක් එක්ක ඩෝන්ට් කෙයා ගතියක්...

"ආ යූ එන්ජෝයි දිස්...."
මම් අපේ නිහඬතාවයට ගලක් ගැහුවා...
.
"වට්.... යූ මීන් පාර්ටී...."
එයා ලොකු හිනාවක් එක්ක ඇහුවා....
.
" නෝ නො... අයි මින් ස්මෝකින්...."
.
"අයි ලව් දිස් "
එයා ශෝට් ඇන්ඩ් ස්වීට් ව මාව ලොප් කරා...
එයාගේ සිගරට් එකේ තව ශොට් දෙකක් තියෙන්න ඇති... ඒ කියන්නේ ඒක ගැහුව ගමන් එයා යනවා... මගේ එක පත්තු කලා විතරයි.... මම් තව උගුරක් එයාට බොන්න ඉඩ දුන්නා.... ඒකේ දුම පිටකරනව්ත් එක්ක මම් එයා දිහාට පෝඩක් ලං උනා...
.
" ස්ටෆ් ටිකක් තියෙනවා..... යූස් කරන්වද....."
මම් ඒක පුදුම කාම්ලී ගතියකින් ඇහුවේ.
එකපාරටම කලබල උනත් එයා එකපාරටම පෙන්නුවේ නෑ ඒක.....ස්ට්‍රේට් කරපු කොණ්ඩේ හිමීට අතගාන ගමන් එයා මම් දිහා බැලුවා... ඔව් අර අමුතු විදිහට.... මම් පුටුවට ආයේ හේත්තු උනා....
.
"වීඩ්ස්....ඕ සම්තින්ග් එල්ස්...."
.
එයාගේ ඇස් දිලිසුණා....ඒත් එක්කම එයා අන්තිම ස්වීච් උගුරත් බීලා ෆිල්ටර් එක ඈශ් ට්‍රේ ඒකේ තදකරලා කරකන ගමන් මම් දිහා බැලුවා...
..
"සම්තින්ග් එල්ස්......"
මම් මිමිණුවා....
.
"අයි රියලි ලයික් බට් නොට් නවු... අයි හැව් ටු කැච් මයි ෆ්රෙන්ඩ්ස්......"
.
"ඔෆ් කෝර්ස්.... අයි තින්ක්.... නෙක්ස්ට් රවුන්ඩ්...අයි විල් කැච් යූ......" මම් ගණන් ගන්නෙ නැති ස්වරයෙන් කීවා...

"තැන්ක්ස්........"
කියන ගමන් එයා නැගිට්ටා....
.
මම් ගණන් ගන්නේ නැති තාලෙට එයා දිහා හිනා වෙලා බැලුවා.... දම් පාට කොට ටයිඩ් ඇදුමක් එයා ඇදන් හිටියේ... ඒක පුදුම විදිහට ආකර්ෂණීය බවක් තිබ්බේ... මට විතරක් නෙමේ... එහා පැත්තේ ටේබල් එකේ හිටිය කොල්ලෝ දෙන්නෙකුත් එයාව ඇස් දෙකෙන් විඳින හැටි මම් දැක්කා....
.
"හේයි.... මිස් එක්ස්...ඩූ යු හැව් එනි නේම්.... අයම් එන්.පී....."
මම් කියපු එකට යන්න හදපු එයාට හිනාවක් ගියා...

"ග්ලැඩ් ටු මීට් යු එන්.පී.... ඔෆ් කෝස් අයිම් මිස් එක්ස්... මම්ඇත්තටම කැමතියි ඒ නමට... ඒක මට වෙනත්ම ජිවිතයක් මතක් කරනවා...."
.
එහෙම කියපු එයා මගේ උරහිසට තට්ටුවක් දාගෙන ඩාන්ස් ෆ්ලෝ එක පැත්තට ගියා... මම් කිසි දෙයක් නොවුන ගානට තවත් ස්විච් උගුරක් බීවා....
වටේටම පැතිරෙන වැඩිවෙන ඩීජේ රිද්මය මටත් ඉක්මනට සිගරට් එක උරන්න බල කරා....
මම් ඔරලෝසුව දිහා බැලුවා....එකොළහ හමාරයි.... ඔව් රැය තාම තරුණයි.....මේ ඇරඹුමම පමණයි... මම් මටම කියාගත්තා.....
.
to be Continued ....................

2 comments:

  1. ඩීජේ....ඩන්හිල්...ටිකිලා.....පාටපාට එලි...ඇන්ඩ් සම්තින්ග් එල්ස්.....ටහුඩු.

    ReplyDelete
  2. මේ වනවිට ඔබේ නිර්මාණ බොහොමයක් රස විද තිබෙනවා . ඒවා විවිධ පරාස කරා යන අයුරු අපූරුයි . බ්ලොග් කලාවට අළුත් මට ඔබේ භාවිතය හොද අත්වැලක් . ඉඩක් ලැබුණොත් මගේ අහස් ගව්වෙන් එහා ලෝකයට ගොඩ වැදිලා අඩුපාඩු ලියන්න . වැඩි පිරිසකට මගේ නිර්මාණ රසවිදින්න උදව් කරන්න . ඔබට ජය

    ReplyDelete

මරීනයි මායි...

මරීනයි මායි...