Tuesday, August 30, 2016
කුසලානය හිස් පහර හා සී..සී...
ඒ මීට අවුරුදු දහයකට පොරොතුවයි.....
පාපන්දු ලෝක කුසලාන තරඟය අතරතුර ප්‍රතිවාදි ඉතාලි පිලේ ක්රිඩකයෙකුට හිසෙන් පහරදී අඩ පණ කල හේතුවෙන් පිටියෙන් ඉවතට යැවු ප්‍රංශ කණ්ඩායම් නායක සිනෙඩියන් සීඩෑන් කුසලානය අසලින් බිමටම නෙත් යොමාගෙන ඇවිද ගිය අයුරු ලෝක පාපන්දු ඉතිහාසයේ දුක්බරව සටහන් වූ අයුරුය....
තරගයේ ප්‍රතම බාගයේදීම දඩුවම් පහරකින් අනගි ගෝලයක් ලබා ගත් සීඩැන් අවසාන අතිරේක කාල සීමාවට මොහොතකට පෙර තරඟ පුවරුවේ 1-1 ලෙස සලකුණුව ඇති අවස්තාවක පිටියෙන් ඉවත් වීම ප්‍රංශ පිලට දැරිය නොහැකි පාඩුවක් විය... තරගය අතරතුර සිදුවු බහින් බස් වීමක් කෙලවර වුයේ ඔහු තම මුඩු හිසින් දරුණු පහරක් ඉතාලි ක්රිඩකයෙකුට එල්ල කිරීමට සිදු වූයේ තම දෙමාපියන් අලලා එල්ල කල වාග් ප්‍රහාරයකට පිලිතුරු වශයෙනි...
සීඩැන් රතු කාඩ් පතත් රැගෙන පාපන්දු ලෝකයෙන් සමුගත්තේය...ඉතාලිය ලෝක කුසලානය දිනාගත්තේ පැනල්ටි පහරවල් වලිනි...නමුත් ප්‍රතිමා සෑදුනේ සිනේඩියන් සීඩෑන්ගේය...තරගාවලියේ හොදම ක්රිඩකයාට හිමි Golden Ball සම්මානයට නිර්දේශ වී සිටියත් බලධාරීන් එය ඔහුගෙන් උදුරාගත්තේ නැත්තේ ඔහු එදා මෙදා තුර පාපන්දු පිටියේ සිටි අද්වීතීය ක්‍රිඩකයෙකු බව සනාථ කරමිනි...
සිනේඩියන් සීඩෑන් යනු කවරෙක්ද.....?
අටූවා ටීකා අවශ්‍ය නැත... ලෝක ප්‍රසිද්දම දැන්වීම් නිර්මාණය කරන්නෙකු එදා මෙදා තුර පාපන්දු ඉතිහාසයේ පුරාවෘත තුනක් එක පින්තුරයකට ගත් අවස්තාවක එහි වුයේ ප්ලේ මැරඩෝනා හා සීඩෑන් ය.....
ඔහු ලෝක කුසලානයක් අහිමි වුවද තම මවට ගරු කල යුතු බව ලොවටම කියා දුන් සොඳුරු ක්‍රිඩකයෙකි.....
Subscribe to:
Post Comments (Atom)
මරීනයි මායි...

ක්‍රීඩකයෝ උනාම මනා හික්මීමක් තියෙන ඕන.
ReplyDeleteමවට ගරු කරන එක වෙනම දෙයක්.
ඒත් ක්‍රීඩකයෙක් නොහික්මුනු ආකාරයෙන් හැසිරුනොත් ලෝකෙම ඉන්න ක්‍රීඩික ක්‍රීඩිකාවන්ට නරක ආදර්ශයක් ඒ හේතුවෙන්ම අයින් කරන්න ඇති.
සී..සී කියන්නේ පුදුම විනයක් තිබ්බ නායකයෙක්...
Deleteඒත් හැම මිනිහෙකුගේම හික්මීමෙත් සීමාවක් තියේනවා දුකා... ඒකයි අහිංසකලා අංගුලිමාලලා වෙන්නේ...
ලෝක කුසලාන අවසන් තරගයක මේ තරම් ප්රචණ්ඩත්වයක් මම දැක්කමයි...
තරගාවලිය අවසානයේ බලධාරින් ඔහුට Golden Ball සම්මානය දීම ගැන විනය කමිටුවකුත් පැවත්වුවා...
ඒ සම්මානය ලැබීම තුලින්ම ඔහු කෙතරම් අද්වීතීය ක්‍රීඩකයකු යන්න පෙනී යනවා.....
ඔයා කියන දේ පිලිගන්නවා. ඇත්ත ඉවසීමේ රතු කට්ට පැනපු වෙලාවක ජීවිත කාලයක් හුරුකරගත්තු හික්මීමේ සීමාව නොපෙනී යන්න පුලුවන්. බලධාරීන් ඔහුට ඒ සම්මානය දීමෙන් ඔහුගේ ක්‍රීඩා දිවිය අගය කිරීම සතුටට කරුනක්
Delete