Wednesday, January 27, 2016

එසෙක්ස් නෞකාවේ කථාව ........"In the Heart of the Sea"





"එසෙක්ස් නෞකාවේ කථාව
මිනුස්සු දෙන්නෙකුගේ කථාවක්...
කපිතාන් ජෝජ් පොලාඩ්,,,,සහ ඔහුගේ පලමු අත්උදවු කරුවා, ඕවන් චේස්......."
කතාව පටන් ගන්නේ ඔන්න ඔහොම....
මිනිත්තු එකසිය දහයක්...මාව අතීතයේ සේල්රුවන් අතර අතරමං කල සලරුවක්....

.
පුන්චි කාලේ කියවපු මොබි ඩික් පොත මා තුල අමුතු හැගිමක් ජනිත කලේ නැති බව නම් ඉදුරා කිව යුතුය..ඒ පරිවර්තනේ අඩු පාඩුවක් යැයි මම සිතමි..නමුත් විලාඩ් ප්‍රයිස් ගේ "Whale Adventure" කියැවු මොහොතේ සිට රැවල් නෞකාවක නැගී මුහුදු ගොස් කුඩා ලෑලි බොට්ටු කිහිපයක නැගී මෙලොව වසන විශාලම සත්වයන් වන මහා කඳු වැනි තල්මසුන් දඩයම් කිරිමට සිහින දුටුවෙමි...නමුත් මහ සයුරේ මයිල දස දහස් ගනන් ඈත තෙල් බැරල් කීපයක් සඳහා හාපුන් ගසන සටන් කරන තල් මසුන් දඩයක්කාරයන් සිටි යුගය නිමා වී සියවස කීපයක් ගෙවී යාමෙන් අනතුරුව නැවත ඒ තුල ජිවත් වන්නන්ට උරුම කෙරු සිනමා සිත්තමකි..."In the Heart of the Sea"
.
අපේ විරුවා ඕවන් චේස්...තල්මසුන් දඩයමටම උපන් අයෙකි... කලහකාරයෙකි.. වැඩකරුවෙකි...මුහුදු ගමන් ගොඩකට පසු ඔහුගේ අසාව දඩයම් නැවක කපිතාන් වීමයි...ඊට උවමනාවටත් වඩා සුදුසුකම් ඔහු සතුව ඇතත්...සමාගමේ තීරණය මත කිසිදා මුහුදු නොගිය රදල පව්ලක උපන් ජෝජ් පොලාඩ් හට කපිතාන් තනතුර හිමිවෙයි...නමුත් ඕවන් චේස් ගේ හැකියාවට ඊර්ෂ්‍යා කරන කපිතාන් හා ඔහු අතර සීතල යුද්දයක් ඇර්බෙන්නේ මහ සයුර මැදදීයි...
.
"ඒ දෙන්නා අලුත බැඳපු ජොඩුවක් වගේ ....අලුත බැඳපු ජොඩු නම් දෙන්නට දෙන්නා ඉවසනවා..ඒත් අලුත බැඳපු ජොඩුවකට පුලුවන් නැවක් ගිල්ලන්න...."
කතාව අපට කියන ඒ නැවේ ගිය පුන්චි කොලුවා එසේ රචකයාට පවසයි....
.
නමුත් ඔවුන් එක්ව තමන්ගේ අරමුණ සඳහාම එක්වී මහ සයුරේ කවුරුත් නොගිය දුර යයි...ඔව් අවසානයේ තල්මසුන් රංචු පිටින් සිටිනා ඉසව්වකට ඔවුන් ලඟා වෙන්නේ අවුරුද්කට විතර පසුවය...ප්‍රීතියෙන් පිනා යන නාවිකයෝ දඩයමට සුදානම් වෙයි... නමුත් ක්ශිරපායින් විසින් ක්ශිරපායින් දඩයම් කරන කල මරන්නා හා මැරෙන්නා අතර මැරතන් තරගය වෙනස් කිරිමට එහි එක් යෝධ ධවල තල්මහෙක් තීරණය කරයි...ඌ තල්මස් රැලේ ආරක්ෂකයාද...? කෙසේ නමුත් ඌ පලිගැනිමට තීරණය කරයි...
.
කතාව ඔය අකාරයෙන් තමයි..හුඟ කාලෙකින් බලපු හොඳ ෆිලම් එකක්...කොල්ලට ඉන්නේත් කොයි කවුරුත් දන්න Chris Hemsworth (තෝර්).මෝබි ඩික් පොතට වඩා ෆිල්ම් එක සාර්තකයි කියලා කියන්න පුලුවන්...කොහොම නමුත් අමුතුම ලොවකට ඔබ රැගෙන යාමට හැකි සලරුවක් කියාත් කියන්න පුලුවන්...තල්මසුන් දඩයම් ගැන තවත් උනන්දු වෙන අයට "Whale Adventure" කියන්නේ හොදම නවකතාවක් එකත් කියේව්වොත් මුහුද මැද්දේ කැරැල්ලකටත් සහබාගි වෙන්න පුලුවන්...

No comments:

Post a Comment

මරීනයි මායි...

මරීනයි මායි...