Tuesday, July 26, 2016

ටොම් සෝයර්ගේ විදෙස් සංචාරය


"මාස්ටර් ටොම් දන්නේ නෑ ඔය චිත්‍ර ශිල්පියොයි කියන මෝඩයන්ගේ හැටි. මං හොඳට දන්නවා ඒ ගොල්ලෝ ගැන. දවසක්දා මං දැක්කා එක්කෙනෙක් හැන්ක් විල්සන්ලගෙ පිටිපස්සේ ඉඩමේ ඉඳගෙන චිත්‍රයක් අඳිනවා. මං ළඟට ගියා බලන්න. මිනිහා ඇඳ ඇඳ හිටියේ නාකි රතු එළදෙන අර අඟකුත් කැඩුණු එකී. ටොම්ට මතකනේ ඌව. ඉතිං මං මිනිහගෙන් ඇහුවා ඇයි ඒකීව අඳින්නේ කියලා. මිනිහා කීව්වා ඒක ඇඳලා ඩොලර් සීයකට කාටදෝ විකුණන්න පුළුවන් කියලා. අපරාදෙනේ මාස්ටර් ටොම්...... ඒ චිත්‍රෙ ගන්න කෙනාට ඩොලර් පහළොවකට එළදෙනවම සල්ලි වලට ගන්න පුළුවන්. මං ඒ විත්තිය මිනිහට කිව්වා. මිනිහ කළේ ඔළුව හොළවපු එක විතරයි. ඔන්න චිත්‍ර ශිල්පියොයි කියන අයගේ හැටි. උන් දන්න ඉටි ගෙඩියක් නෑ........"


*************************************
"මං හිතන විදිහට අපේ බැලුම තියෙන තැන කොහෙද කියලා දැන් හොයාගන්න පුළුවන් ටොම්. අර පේන ඉර මේ සිතියමේ ඇඳලා තියෙන දේශාංශද මොකක්ද කියන රේඛාවක් වෙන්න ඇති. අපි පහළට බැහැලා එකේ නොම්මරේ දැනගෙන...."
"අනේ මෙහෙමත් බූරුවෙක් ! හක් උඹ හිතනවද දේශාංශ රේඛා ඇත්තටම පොළවේ ඇඳලා තියෙනවා කියලා ?"
"ඇයි ටොම් උඹ හොඳටම දන්නවනේ ඒවා මේ සිතියමේ ඇඳලා තියෙන විත්තිය "
"හරි.......... ඒවා සිතියමේ තියෙනවා තමයි තමා. ඒත් පොළවේ නෑ......"
"ටොම්........... උඹ හොදටම දන්නවද නෑ කියලා?"
"නෑ තමා !"
" සිතියම ආයෙත් සැරයක් බොරු කළා. මගේ ජිවිතේට දැකලා නෑ සිතියම් තරම් බොරු තියෙන දෙයක්."


*************************************
"මේවා සහරා කාන්තාරයේ වැලි කියලා දැනගත්තහම මිනිස්සු වැල නොකැඩි එයි මෙයින් ටිකක් ගන්න සිහිවටනයක් විදිහට. උන් ඒක කුප්පියක දාලා ලේබලයකුත් අලවලා කැබිනට් වල ප්‍රදර්ශනය කරයි. අපිට කරන්න තියෙන්නේ මේ වැලි පුන්චි ලස්සන කුප්පි වල දාලා ඇමරිකාව පුරාම බෙදාහරින එකයි. එකක් සත දහය ගානේ. එහෙම කළොත් මේ අට්ටාලේ තියෙන වැලි වලින් විතරක් ඩොලර් දහදාහක් විතර හොයා ගන්න පුළුවන්."
ජිම්ට හා මට ප්‍රීතිය උසුලාගත නොහැකිය. අප සිටියේ එක තැන නටමින.
"අපිට පුළුවන් මේ වැලි ටික ඉවර උනහම සැරින් සැරේ ඇවිත් ආයේමත් වැලි අරගෙන යන්න. ඔය විදිහට අපිට මේ මුළු කාන්තාරෙම විකුණලා දාන්න පුලුවනි. කාටවත් අපි එක්ක තරඟ කරන්න හම්බවෙන්නේ නෑ. අපි මේකට පේටන්ට් එකක් ගන්න නිසා."
"දෙයියෝ සාක්කි ටොම්! මේ වැඩෙන් අපිට කෝටිපතියෝ වෙන්න පුළුවන්නේ."
"මාස්ටර් ටොම්.. මේ කාන්තාරේ විකුණලා අපිට කීයක් විතර හම්බකරගන්න පුළුවන් වෙයිද?"
"මට හරියටම කියන්න බෑ ඒක. ගණන් හදලා බලන්නේ නැතුව. සත දහයේ කුප්පියකට දාන්න මෙහෙ වර්ග සැතැප්ම මිලියන හතරකට වඩා වැලි තියෙනවා. ලේසි වැඩක් නෙමේ."
" මාස්ටර් ටොම්.මං හිතන්නේ නෑ අපිට මේ සේරම විකුණන්න පුළුවන් වෙයි කියලා. අපි මුළු කාන්තාරෙම විකුණන එක අතඇරලා දාන එක හොඳා. නැත්තම් කුප්පි හිඟයක් ඇතිවෙලා ඒකට හේතුව අපියි කියලා අත් අඩංගුවට ගනීවී!"


*******************************


නූතන ඇමරිකානු සාහිත්‍යයේ පියා ලෙස සැලකෙන මාක් ට්වේන් විසින් ලියනු ලැබු තෙවන ටොම් සෝයර් කතා පුවතවූ Tom Sawyer Abroad පොත පාදක වී ඇත්තේ ටොම් හක් හා ජීම් බැලුමක නැඟි කරන වීර සංචාරයකි. මාක් ට්වේන් විසින් ටොම් සෝයර් චරිතය අලලා පොත් හතරක් රචනා කර ඇති අතර මුල් ටොම් සෝයර් පොත හැරුණු කොට අනෙක් තුනෙහිම කතාව දිවයන්නේ හක් ගේ සිතුම් පැතුම් ඔස්සේය.... මේ පොත් හතරම මේ වන විට සිංහලයට පරිවර්තනය වී ඇති අතර මුල් පොත් දෙකට සාපේක්ෂව කුඩා පොතක් උවද සියුම් උපහාසයන් වලින් අනූන රසවත් පොතක් ලෙස සැලකිය හැක.
.
ටොම් සෝයර්ගේ විදෙස් සංචාරය.
පරිවර්තන තුෂාරි ජයවර්ධන
පිටු 136
මිල රු 130
.
පොත බාගන්න...

Wednesday, July 20, 2016

රන් දහඩිය




හැත්තෑ තුනේ නිකන් දෙන හාල් සේරුව ගන්නට පෝලිමේ රැඳෙමින් දහස් ගණන් ආණ්ඩුවට බනිමින් සිටිද්දි උගත් තරුණයන් පිරිසක් සෝමාවතිය ටත් ඒහා වල් අලි රජ කරන මහ මූකලාන තඩි ගැසීමට සිතුවෝය.....

" උඹ නම් කියයි. මං කවදාවත් බඩගින්නේ හිටපු මිනිහෙක් නෙවෙයි. ජීවිතේටම මේ වගේ වැඩ කරපු දවසක් මට මතක නෑ....."

"වරුවක් බඩගින්නේ ඉන්න බෑ උඹලාට. ඒ වුණාට උඹ කිව්වේ කොහොමද..? මට නිකන් ඉන්න බෑ, පොඩි වැඩක් කරන්නත් බෑ, එක්කෝ පොළව අනිත් පැත්ත හරවන්න ඕනෑ. නැත්තන් ආණ්ඩුව පෙරළන්න ඕනෑ. උඹ මාත් එක්ක ඔහොම කිව්වේ නැද්ද එතකොට...?"

********

ජයසේන ජයකොඩි කතුවරයාගේ මම ඉතාමත් ප්‍රිය කරන පොතක් මෙන්ම වැඩිම සැරයක් කියවපු පොතක්... අට වසරෙදි මුලින්ම කියෙව්වට පස්සේ සිය පාරක් විතර කියේව්වත් තාමත් කියවන්න ආස කරන පොතක්.... ඒකට හේතුව සරල බස් වහරකින් අලංකෘත ඒ වගේම ඇඟ කිලිපොලා යන තරුණ ජවයන් ඉස්මතු කරන උද්වේගකර පොතක් හින්දයි...




"හොඳයි නොවැස්සොත් මොකද කරන්නේ..."

"කරන්න වැඩ තියෙනවා"

"මොකක්ද ? දෙයියන්ට කියන එකද, ආණ්ඩුවට කියලා සහනාධාරයක් ඉල්ලන එකද?"

"මං දෙයියන්ටත් ආණ්ඩුවටවත් කියන්නේ නෑ"

"එහෙනම් මොකද කරන්නේ ? "

"වැසි නොලැබුණොත් ගඟ හරස් කරලා ඇලක් කපලා ගොවිපලට වතුර කැන්දන් එමු"

" පණ යයි..."

**********

නිහාල් කේන්තියෙන් පිපිරෙන්නට වුයේය. ඔහු හිතින් පමණක් කුණුහරප ගොඩක් කීය. අල්ලපු කඩයේ ගුවන් විදුලියේ, අල්ලක් වපුරා මල්ලක් නෙලා ගන්නා ලෙස කරන ලද නිවේදනය ඇසු ඔහුට යකා නැග්ගේය. කොච්චර කේන්ති ආවත් ඒ කේන්තිය පිටකරගන්නට ඔහුට නොහැකිය. ඔහු නළලේ නැගී තිබුණු දහඩිය පිට අල්ලෙන් වැරයේ හුරා දැම්මේ ය. එවිටම මොහොතකට පෙර බීපු රතු සීනි දැමු තේ එක උගුරට ආවේය. කඩයෙන් එළියට ආ හේ කාරා කාණුවට කෙළගැසුවේය.

වික්‍රම රුපියල් පණස් පහක් ගෙවා උදලු තල මිලදිගත්තේ ය.තව රුපියල් දා හතක් ඔහුගේ අතේ ඉතිරි වීය.

............................... " පොළවට එක උදලු තලයක් කොටලා තියෙන මිනිස්සු අපිට වගාකරන්න කියලා කියනවා නම් ඉවසන්න පුළුවන්. කිඹුලා උදැල්ලකයි ලංකා උදැල්ලකයි වෙනස දන්නේ පොළව කොටන එකෙක්. රුපියල් පණස් ගණනකට කිඹුලා උදලු තල නොදි රෙපියල් දහයකට දොලහකට දෙනවා නම් වගා කයියට රුපියල් කෝටි ගණන් වියදම් කරනවාට වැඩිය නරකද?.................."

********

තරුණයෝ විනෝද වටය නවතා කන් දුන්හ. මොහොතින් ගඟ පැත්තෙන් දඬු වැට කිට්ටුවෙනම් කන් බිහිරි කරවන ගර්ජනාව නැගිණි. ඒ බලගතු අභියෝග හඬකි.මහ වනය පෙරළෙයි. අලි ගෙරවිලි හඩින් බයට පත් දහසක් සත්තු මර හඩ නගති.

"උන් හරියට අපිත් එක්ක සටනට ආව වගෙයි. ආවේ මහ නරක් වෙලාවක. වැට බින්දොත් අපි කඹුරපුව සුං! එක පැයයි මුළු ගොවිපලම සුං...."

*******

"අපේ ගෑනු ළමයි දෙන්නා ගැන ඒ ගොල්ලන්ගේ කවුරු හරි උනනදු වෙන පාටක් නන්දාවතීට නිකම් දැනිලහෙම නැද්ද...?"

"............. ඒ මහත්වරු කට පුරෝලා නංගියේ කියලා අපේ ළමයින්ට කතාකරනවා........."

"රන් පවුම් හතක් තියෙන තැනින් කොයි පවුම තොරාගත්තත් එකයි......"

********

නවකාතාවේ මා සිත්ගත්ම කොටස වූ කලී තරුණයන් එක සිතින් අත සිත දී උදව් කරන සීඩින් මුදලාලි පනස් හතේ මහ ගංවතුරෙන් අට්ටාලයක් මත නැඟී දිවි බේරාගත් සැටි කියන කොටස කොටසය කොතෙක් වර කියවා තිබුවත් ඒ පිටු කීපය නැවත් කියවන විට ඇඟ කිලිපොලා යන අයුරට හැඩ ගස්වා තිබීම කතුවරයා සතු සුවිශේෂීම දස්කමක් බව ඉඳුරාම කිව යුතුය.....




"........ අපි දවස් හයක් අට්ටාලය උඩ හිටියා. අපිට කන්න තිබුණේ පාන් ගෙඩි දෙකක් විතරයි.එ පාන් ගෙඩි දෙකත් මැස්සට නගිනකොට තෙමුණා. එක පාන් ගෙඩියක් ලොකු දුව අතින් වතුරට වැටුණා."

"ඉතිං මොනවද කෑවේ..?"

"දවස් දෙකක් යනකන් මොකුත් නෑ. අහසින් වැටිච්ච වැහි වතුර විතරයි."

"එතකොට ළමයි දෙන්නා.."

......................." මගේ ඔය ඉන්න ලොකු දුවට දවස් දෙකක් පිළුණු පෙඟිච්ච පාන් කැවේව්වා. වතුර පෙව්වා. පොඩි දුව අම්මගේ තනේ පාන්කඩේ වෙනක්ල් ඉරුවා. ඊට පස්සෙ එයාගෙ බඩට කෑමක් නැති හින්දා කිරි එරුණේ නෑ. මහත්තයලට ඒ වගේ ජල ගැලිමක් නෙවෙයි. ඊට වැඩිය ලොකු ගැලීමක් ඇතිවුණත් එහෙම දුක් විඳින්න ලැබෙන්නේ නෑ. තාත්තා කෙනෙකුටත්, අම්මා කෙනෙකුටත්,තමන්ගේ ලේ කැටි දරුවෝ හීතලේ ගැහි ගැහි හයින් හාගතේ දුක් විඳිනවා බලාඉන්න බෑ. මහ රෑ මගේ ලොකු දුව කලාන්තේ දාලා වැටිලා ඉන්නකොට මං එයාගේ අම්මටත් හොරෙන් මගේ ඇඟිල්ල කපල එයාට උරන්න දුන්නා......."

********

"මං කලුවරේම මිදුලේ අඬනකොට වයිට කෙඳිරි ගගා ඉව කර කර ඇවිල්ලා මගේ කකුල් දෙක ලෙවකෑවා.ම වයිටත් එක්ක කැලේ පාරෙ ඇළ ළඟට ඇවිල්ලා ඒදන්ඩෙන් එගොඩ වුණා. ඒදන්ඩෙන් එගොඩ වෙන්න බැරිව වයිටා කෙඳිරි ගෑවා. කෑ ගහන්න පටන්ගත්තා. මං ඌට කිව්වා ගෙදර යන්න කියලා මට පස්සෙයි අම්මේ කල්පනා වුණේ ඌටවත් අපිටවත් ගෙදරක් නැති බව....."

********

"මං අයියේ, මගේ මැරිච්ච අයියත් එක්ක බෝම්බ හැදුව! මං අයියේ ඒ බෝම්බ මල්ලක දාගෙන මහ රෑ තනියම හැතැම්ම ගාණක් ඈත කැලේ ගිහිල්ලා හැංඟුවා....... අයියයි මායි ඒවා හදනකොට මං හිතාගෙන හිටියේ දිව්‍ය ලෝකේ වගේ රටක් හදන්න පුළුවන් වෙන්නේ බෝම්බ වලිනුයි කියලා.ඒවා දිව්‍ය ලෝකේ හදන ගඩොල් කියලයි අයියේ............අපේ අයියත් හිටියා නම් කොච්චර හොඳද ? මං එහෙනම් අයියත් එක්ක මේ ඇළ කපනවා. මගේ අයියා නැති හින්දා අයියේ, මං තනියම ඇළ කපනවා.... අයියගේ හරියත් එක්ක කපනවා. අපිට මොකක්ද වැරදුණා අයියෙ. තුවක්කුයි බෝම්බයි නැතුවට රටක් හදන්න පුලුවන් නේ ද අයියේ ? ........."

********

රන් දහඩිය

ජයසේන ජයකොඩි

දයාවංශ ජයකොඩි ප්‍රකාශනයක්

පිටු 143

මිල රු 180

මරීනයි මායි...

මරීනයි මායි...