Tuesday, July 12, 2016

ඇට මැස්සා



" මං හිතුවා ශාන්ත කැතරිනා පල්ලියට යන්න. ඒ කියන්නේ පශ්චත් තාප වෙන හුඟ දෙනෙක් බුරුතු පිටින් එතැන පියතුමන්ලට කරදර කරන්නේ නැතිනම්....."

"ඇයි.. මං ළඟට එන්න අකමැති ද....?"


*****************************************

"ඇත්තෙන්ම ඔබට හිතාගන්න බැරිද? ඔබ පාවා දුන්නේ වෙන කවුරුත්ම නෙමෙයි ඔබ පවා දුන්නේ ඔබමයි........"

*****************************************

"අවජාතකයෙක් කොහොමද අපේ පවුලේ කෙනෙක් වෙන්නේ එයාගේ අම්මගේ කැරැට්ටුව එයා දැන්වත් දැන ගන්න එක හොඳයි .පුජකයෙකුගේ හොර ප්‍රේමවන්තියෙක්ගේ දරුවෙක් අපි මොකටද කරට ගන්නේ........."


****************************************

" ෆිලිෆ් රිවාරෙස් හෙවත් ඇට මැස්සා වයස 30 ක් පමණ ය. උපන් ස්තානය හෝ දෙමව්නොපියන් හෝ අවිනිශ්නීචිත ය. දකුණු ඇමරිකාව විය හැකිය. වෘත්තිය පුවත් පත් කලාවේදීයයි.. මිටිය, කළු කොණ්ඩය, කළු රැවුළ. පැහැපත් සම. නිල් ඇස්. පුළුල් හතරැස් නළල,නහය කට නිකට. ආ මේ තියේන්නේ විශේෂ සලකුණු. දකුණු කකුල නොන්ඩිය. වමත ඇඹරී ඇත. වමතේ ඇඟිලි දෙකක් නැත. කඩු පාරකින් ඇති වුණ අලුත් තුවාල කැළලක් මුහුණේ වෙයි. ගොත ගසයි. ආ මේ තියෙන්නේ තව සටහනක්... අති දක්ශ වෙඩික්කරුවෙකි, ඉලක්කකාරයෙකි. සිර භාරයට ගැනිමේදි පරිස්සම් වෙනු......"

................................................"ජේසු නිකායිකයින් එක්ක සටන් වදිනවා කියලා දැන ගත්තොත් ඇති ඔහු එක පයින් කැමති වෙයි. මට ඒක සහතිකයි. පුජකයෝ මිනිහත වහ කඳුරු වගේ තිත්තයි. ඔය ප්‍රශ්නෙදි මිනිහා පිස්සු බල්ලෙක් වගේ........"

***************************************

"ඔව් පුදුම දහුරියක්. ඊයේ රෑ වේදනාව විඳ ගන්න බැරිව සන්නියකට හැරෙනකන් පුදුමාකාර විදිහට සංසුන්ව හිටියා. ඒත් අවසාන භාගේ වෙනකොට මම ඉහ ගැහුවේ පුදුම අමාරුවකින් ඔහු මේ වේදනාව කොච්චර දවසක් දරාගෙන හිටිය යි කියලද හීතන්නේ. රාත්‍රි පහක් පුරා... දවස් පහක්ම......."

***************************************

"ලොකුම බධාව වුනේ මම නිතර නිතර අසනීපෙන් වැටුනු නිසා සෙල්ලම් පාන්න බැරි වීම. පෙළක් දවස් වලට ලොක්කා කෝපයෙන් ඉන්න් දවස්වල මේ වේදනාව මැද්දේම ඔහු මාව පිටියට දානවා. ඒ වගේ දවස් වලට මිනිස්සු වැඩියෙන්ම සතුටු වෙනවා. වරක් මට මතකයි මෙහෙම සෙල්ලම් පාද්දි මට සිහි නැතුව ඇදගෙන වැටුනා. මා නැවතත් සිහි ලබන කොට ප්‍රේකශකයු මා වටකරගෙන හූ කියනවා . ඔල්වරසන් දෙනවා. කෙසෙල් ලෙලි.............."

"එපා තවත් ඔය ගැන කතා කියන්න එපා... මට අහං ඉන්න බෑ දෙයියන්ගේ නාමෙට ඕක නවත්තන්න......................................... ඇයි ඔබ බොටුව කපා නොගත්තේ......"

"මම ඔබගෙන් ඔය ප්‍රශ්නේ බලාපොරොත්තු උනේ නෑ..... එතකොට මගේ කටයුතු කාරණා ? මං වෙනුවෙන් කවුද ඒවා කරන්නේ....?"

****************************************

"............. වෙඩි හඩට මගේ අශ්වයා පොඩ්ඩක් කුලප්පු වුණ නිසා අන්තිමට නැග්ගේ මමයි. මං හැරිලා බැලුවා ඔහුට කරදරයක් නැද්ද කියලා. ඔහුට ලේසියෙන්ම බේරිලා එන්න තිවුනා. අර කාදිනල් නිසා නොවෙන්න....................................... ඔව් ඒ කාලකන්නියා පැන්නා නේ පිස්තෝලය ඉස්සරහට."

****************************************

"මේ මනුස්සයා හරියට කොඩිවිනකාරයෙක් වගේ ඒ හැම කෙනෙක්ම වශී කරගෙන. ඔය පහු ගිය සති තුනට මං සිවු වතාවක් ම මුර කණ්ඩායම් වෙනස් කලා. සොල්දාදුවන්ට දඬුවම් දීල මට දැන් ඇති වෙලා.. කිසිම පලක් නෑ............"

****************************************
යකඩ පොලු අටක්. සවිමත් යකඩ පොලු අටක් තව කොපමණ පීරි ගෑ යුතුද.එතරම් සංඛාවක් විය නොහේ. ඔහු නොනවතී හෝරා කීපයක්ම පීරි ගාන්නට ඇත. අත රිදෙන්නේ ඒ නිසා වෙන්න ඇති, පුදුම කැක්කුමක් . ඇට මිඳුලු හාරවමින් කකියයි.....එහෙත් ඇලපත රිදුම් දෙන්නේ ඒ නිසා විය නොහේ............................ ඔහු තිගැස්සි නැංගේය. ඔහු පීරි ගා නැත. ඔහු ඇස් විවෘත කරගෙනම සිහින දැක ඇත. ඔහු මෙතෙක් පීරි ගා ඇත්තේ සිහිනයෙනි. දැන් සිහිනය සැබැ කල යුතුව තිබේ. අතවත් නොතැබු දැඩි ශක්තිමත් ජනෙල් පොලු හතරක් කවුළුව හරස් කරයි....... ඈත ඔරලෝසුවේ දහයේ කනිසම නාද විය. පීර අතට ගත යුතුය................................................................... රෑ එකයි. පැය තුනක් ම දිගටම එහි නිරත වු ඔහු හය පොලක් ම පීරි ගා අවසන් කර තිබුණි. තව ඇත්තේ දෙපොළකි. ඊළඟට කවුළුවෙන් පිටතට බහින්න....................... මීට පෙර මේ භායානක රෝගයට ගොදුරු අවස්තා ගැන ඔහු සිතන්නට වුවේ ය. අන්තිම වරට ඔහු රෝගාතුර වුයේ පහු ගිය අවුරුද්දේය. එසේ ගෙවුණු දවස් පහ ගැන සිහි වෙත්ම ඔහුගේ ඇඟ කිලිපොළා ගියේ ය. එහෙත් එවර මෙතරම් හදිස්සියෙන් රෝගය ඉස්මතු නොවීය. කවදාවත් මෙතරම් හදිස්සියෙන් තමා ඔත්පල වනු ඔහු මතකයේ නැත.
ඔහු පීර බිම අත හැර අනපේක්ශිත දෑත් විහිදා ගෙන අනාත වුයේ අදේවාදියකු වීමෙන්, පසු ප්‍රතම වරට යාඥා කරන්නට වුයේය. ඕනෑ දෙයකට ශුනයත්වයට සියල්ලටම යාඥා කරන්නට වුයේය.
"අද රෝගය මා ගොදුරු කරගන්න එපා. හෙට හෙට මා ඕනෑම වේදනාවක් ඉවසන්නම් අද රෑ නම් බෑ.........."

********************************************

"දැන් ඔබතුමා මට ආදරේලු. කොපමණ ආදරේද? මං වෙනුවෙන් ඔබතුමාගේ දෙවියන් වහන්සේ අත අරින්න තරම්. මේ සදාකාලික ජේසුස් මොනවාද ඔඅබතුමාට කර තිබෙන යහපත. ඔබතුමා වෙනුවෙන් කොහෙද උන් වහන්සේ දුක් විඳලා තියෙන්නේ. මට වඩා උන් වහන්සේට ආදරේ කරන්න තරම්. ඔබතුමා ජේසුස්ට ඒ තරම් ආදරේ ඒ තුවාල වු දෑත් නිසාද? මගේ දිහා බලන්න. බලන්න මෙතන..ඊළඟට මෙතන...මෙන්න මෙතන .............................................................................
දස වද වින්දත් මම මරණය වැළද ගත්තේ නෑ. මම ඒ සියල්ල ඉවසා දරාගෙන හිටියා. ඉවසා දරාගෙන මගේ ප්‍රාණය රැකගත්තා, මන්ද ? ආපසු පැමිණ ඔබතුමාගේ මේ දෙවියන් සමඟ සටන් කරන්න.... දැන් ආපසු පැමිණි මා දකින්නේ කුමක්ද ? ඔහු තාමත් මගේ තැන අල්ලගෙන සැබවින්ම පැය හයක් කුරුසයේ ඇණ ගසා තිබු යළි මළවුන්ගෙන් නැඟි සිටි මේ ව්‍යාජ බිල්ල මගේ තැන අල්ලගෙන. පාදරේ මම අවුරුදු පහක් කුරුසයේ ඇණ ගසණු ලැබ සිටියා. මාත් මළවුන්ගෙන් නැගිට්ටා....
............................................"මම කොහොමද උඹ ව අතහරින්නේ ආතර්...? මම කොහොමද උඹව අත හරින්නේ ?"
"එහෙම නම් ඔහු අත හරින්න. ඔබතුමාට ඇත්තේ අප අතරින් තෝරා ගැනීමක්. ඔබතුමා ඔබතුමාගේ ආදරයෙන් අඩක් මටත් අනෙක් අඩ ඔඅය දෙවියන් වහන්සේ කියන යක්ෂයාටත් දෙනවා ද? ඔහු ගේ ඉඳුල් මම කන්නේ නැහැ. ඔබතුමා ඔහුගේ නම් ඔබතුමා මගේ නෙවේ......................................................................................"පුජකයන් සමඟ සටන් කරනවා ඇරෙන්න මට මගේ ජිවිතයෙන් ප්‍රයෝජනයක් නෑ... මම මිනිහෙක් නෙමේ කිනිස්සක්. ම්ට ජිවත් වෙන්න ඉඩ දුන්නොත් ඔබතුමා කිනිසි අනුමත කරනවා....."

මොන්ටිනෙල්ලි කුරුස සුරුවම දෙසට හැරුණේ ය.

" දෙවියනි.... කන්දෙන්න මේ........."

ඔහුගේ කටහඩ කිසිඳු හෝ අනුකූලතාවයක් නොමැතිව පාළු නිහඬතාව මැද වියකී ගියේ ය.
අවදි වු යේ.ඇට මැස්සා තුල ජීවත් වන සමච්චලයේ යක්ෂයා පමණ ය.

"ටිකක් හයියෙන් කෑ ගහලා කතා කරනවා. බාග වෙලාවට ඔහුට නින්ද ගොහිල්ලා ඇති..........."

*******************************************************
*******************************************************

අයිරිෂ් ජාතික වොයිනික් විසින් 1897 රචනා කරන ලද ඇට මැස්සා (The Gadfly) වූ කලී ප්‍රේම වෘත්තාන්තයක් ද....?
මුල් පිටු කීපයෙන් අනතුරුව මට මැවිලම පෙනුනේ එද්මොන් දාන්තේ ව... පාවාදීමකින් හිත් රිදීමකින් හා විශ්වාසය කඩ කිරීමෙන් පලා යන ආතර් අවුරුදු දතුනකට පස්සේ පලිගැනීමේ චේතනාවෙන් මුසපත් වෙලා යැයි මම හිතුවේ..... ඒත් විසිරුණු ප්‍රේමණීය බව... අසම්පුර්ණ විප්ලවය හා චරිත වල සරල බව හින්දම අවසාන මොහොත වෙනකන් හිතා ගන්නත් බැරි වුනා මේ පලිගැනීම ගැන..... අති සරලව සමාජ සංස්කෘතයන් ඇට මැස්සාගේ උපහාසය තුලින් දෙදරා දූවිලි වෙන අන්දම කතුවරයා අපුරූවට ගලපලා යම්කිසි වක් කියවන්නාගේ අභ්‍යන්තරය තුල ඉතිරිකර තැබීමට ගත් උත්සහය කොයි තරම් ලස්සනද කියලා අන්තිමට හිතා ගන්නත් බැරි වුණා..... ඇට මැස්සා ඈතටම පියඹා ගියද තැබු මතකයින් ප්‍රේමයකට වඩා විශාල බැව් මගේ හැඟිමයි.....

"එවිට මම
ජීවත් වුවත්
මිය ගියත්
වාසනාවන්ත මැස්සේක් මි. "

Wednesday, May 25, 2016

"හදිස්සියේ මං මැරුනොත් පලයං මගේ කාමරේට........"


වෙසක් එකට ඉස්කෝප්පයා ගෙදර ඇවිත්...ඉස්සර වගේ නෙමෙයි දැන් මිනිහව හම්බවෙන්නේ ඉඳහිට. සින්බෑඩ් ටුත් මේ දවස් වල ගොඩබිමනේ... ඉතින් වෙසක් එක ගැන...ආගිය කතා ගැන කතා කරන්න දෙන්නා හැමදාම සෙට් වෙන සුපුරුදු තැනටම සෙට් උනා... සින්බෑඩ් ට හොදටම සෙට් වෙන චරිතේ තමයි ඉස්කෝප්පයයි හාරතය යි..දැන් හාරතයා ගෙවල් අතහැරලා නුවර ගොහින් හන්දා ෆට්ටම පාලුවේ හිටපු සින්බෑඩ් ට මේ තත්පර ගාන මහ ලොකුවට වැදගත්...රුවිතයා හිටියට වැඩක් නෑනේ... සින්බෑඩ් නම් කොහොමත් කලා බර නේ....ඉතින් බංකුවක් බිත්තියට හේත්තු කරන් දෙන්නා කතාව පටන් ගත්තා...ඔය අතරේ නිල් පාට දුම් කැරළි දෙන්නව වහගද්දි ඉස්කෝප්පයා සාක්කුවෙන් සිගරට් පෙට්ටියක් එලියට ඇදලා ගත්තා...

"ෂි.... බලප තව පෙට්ටි 2 ක 3ක් ගෙදර තියනවා.. විසික් කරන්න මතක් වෙන්නෙම නෑනේ..."

මගේ ඇස් උඩ ගියා...

"හිස් ඒවද...."

"ම්... ඔව් බං..."

ඉස්කෝප්පයා පොඩ්ඩක් කල්පනා කරලා ආයේ කතා කරන්න පටන් ගත්තා...

"මේ හදිස්සියෙවත් මං මැරුනෝත් උඹ ඉක්මනට අපේ ගෙදර පලයං...කාමරේට..."

මූ ඉතින් ආතල් ම ලෝකයක්නේ... ඉතින් මාත් ගහගෙන හිටපු මනෝ පාර කඩන් මූ කියන එක ඇහුවා...

"ගිහින්...."

ඔන්න මන් හූ මිට්ටකුත් තිබ්බා...

"ඇද යට කෙලවරේ තියෙනවා සුට්කේස් එකක්....ගනින් ඕක ඇඳ උඩට...මෙහෙම ඇරපන්...."

මූ අතින් අරින හැටිත් පෙන්නනවා...

"ඇරලා ඒකේ ඇති හිස් බියර් බෝතලයක්.... ටින් දෙකක් ... හිස් සිගරට් පෙට්ටි දෙක තුනක්... හංගලා..."

"යකෝ විසික් කරන්න එපැයි ඕවා...."

"හැමදාම අමතක වෙනවා බං...හොරෙන් බීලා එලියට දාන්න බැරිව හංඟනවා... පස්සේ අමතක වෙනවා...මේ මතක් උන වෙලාවේ අහගනින් .... උඹ මං මැරුනොත් එහෙම ඉක්මනට ගිහින් ඕවා ටික අස්කරලා දාපන්.... අම්මට අහුවුනොත් එහෙම පෙට්ටියේ ඉන්නකොට උනත් ගුටි කන්න වෙනවා..."

ඔය අතරේ සින්බෑඩ් ටත් මතක් උනා හදිස්සියේ මං මැරුනොත් හංගන්න මොනවද තියෙන්නේ කියලා....

"හරි උඹේ වැඩේ මං කරන්නම්...හැබැයි මටත් උදව්වක් කරන්න ඕනේ...."

"ඇයි උඹේ කාමරේ මොනවද තියෙන්නේ මිසින් කරන්න..."

"මං මැරුනොත් පලයං කාමරේට...මගේ අර පලු දෙක උඩට අරින පරණ මේසේ තියෙන්නේ.."

"ඔව්....."

"ඒකේ වම් පැත්ත ඇරපන්....එකේ ඇති කලු ටියුලිප් කවර දෙකක දාලා ලියපු කඩදහි මහ ගොඩක්..."

"ලියපුවා.... ලව් ලෙටර්ද....?"

"නෑ බන්...ලව් ලෙටර් ඔක්කොම පිච්චුවා....ලියපු අනං මනං වල් පල්... ඒ ටික අරගනින්..උඹ කියවන්නත් එපා....ගෙනිහිං පුච්චපං...."

"මොනවද ඒකේ තියෙන්නේ...."

"ඔව්...ඉතින් තොට කියවන්න එපා කීවට අහයිද ඕවා.... අරූට කෑල්ල උඹ අතේ එවපු ලියුම හොරෙන් කියවලා මං ගැන ලියලා තියෙන දේවල් සෙට් එකේ හැමෝටම කියපු ඩයල් එකනේ "

ඉස්කෝප්පයා බඩ අල්ලං හිනා වෙන්න ගත්තා....ඒ පරණ කතාවක්...රස කතාවක්...

"ඉතින් දැම්ම මං කියන්නම් ඒකේ තියෙන්නේ අපි ඔක්කොම කෙලපු පිස්සු....ඔක්කොම නම් ගම් වාසගමුත් එක්ක..අවස්තා සම්බන්දය දාලා එලටම ලියලා තියෙයි...ඕවා කවුරු හරි කියෙව්වොත් මැරුණු මං එක්කම තොපිටත් මැරෙන්න තමයි වෙන්නේ...."

"මලා...... තෝ මැරෙනකං ඉන්න ඕනේ නෑ.... යමං අදම පුච්චමු......"

"මරනවා තෝව.....අදම පුච්චන්න....මං මැරුනහම උඹ ඒ වැඩේ කරහං.... ඕනේම නං උඹ කියවහකෝ...හැබැයි උඹ විතරයි....වෙන එවුන්ට දුන්නොත් හොල්මනක් වෙලා ඇවිත් තෝත් එක්කම පවුල් කනවා....."

ඉස්කෝප්පයයි මායි...අපි දෙන්නගේ බොළද කතාවට බොක්කෙන්ම හීනා වුනා ටික වෙලාවක් යනකං....

"මාත් ලීවනේ ඩයරියක්....ඔය වගේ....."

"නෑ.... කොයි කාලෙද...."

"දැන් අවුරුදු 2 ක් ඇති..."

"ඉතින්........."

"කාටවත් කියවන්න බැරි වෙන්න මට විතරක් කියවන්න කියලා බැඳි අකුරු වලින් තමයි ලීවේ......"

"ඉතින්... ඉතින්..."

"මේ ලඟදි මොකක් හරි මතක් කරගන්න ඕන වෙලා...පැය ගානක් ඩයරිය පෙරළගෙන හෙව්වා හෙව්වා....වැඩක් උනේ නෑ..."

"ඇයියේ...."

"මං ලියපුවා මටම හොයාගන්න බැරි උනා.....
ආයේ ඩයිරි ලියන්න ඕනේ නෑ කියලා හිතුනා......"

"හරි හරි එහෙනම් ඒක පුච්චන්න ඕනේ නෑ....උඹ බයවෙන්න එපා...."

හිනාව අතරින් මම කීවා....

මරීනයි මායි...

මරීනයි මායි...